ඉඹුල්ගොඩ විහාරමහා දේවී විදුහලේ සිසු ඇගයීම් උලෙළ දා
- 2019-05-31 10:38:11
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බප/ගම් ඉඹුල්ගොඩ විහාරමහා දේවී කනිටු විද්‍යාලයේ 2018 වර්ෂයේ සිසු ඇගයීමේ උලෙළ එම විද්‍යාලයේ දී ඉකුත් දා පැවැත්විණි. බස්නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූහ.
විවිධ අංශවලින් කුසලතා දැක්වූ සිසු සිසුවියන් හැම දෙනෙකුටම මෙහිදී ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කෙරිණි. 2017 වර්ෂයේ හොඳම ශිෂ්‍යයා ලෙස සචිඳු පැතුම් ගෝවින්න හා හොඳම ශිෂ්‍යාව ලෙස හිමාෂි නෙත්මිණි මෙහිදී පිදුම් ලැබූහ.
සිසු සිසුවියන් රුසකගෙන් නර්තන උලෙළ හැඩ ගැන්වුණි. මෙම අවස්ථාවට බස්නාහිර පළාත් අතිරේක අධ්‍යක්ෂණ අධ්‍යක්ෂක විමල් ගුණරත්න, ගම්පහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා ප්‍රියන්ති නානායක්කාර හා ගම්පහ ප්‍රාදේශීය සභාවේ උප සභාපති ජයන්ත මුදන්නායක යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.
මෙහිදී පාසල් සිසු දරැවන් 59 දෙනෙකුට ත්‍යාග හා සහතික පත්‍ර ලබාදුන් අතර විහාරමහා දේවී කනිටු විදුහල්පති සුජාතා රණසිංහ මහත්මිය ඇතුළු ගුරැ මණ්ඩලය විසින් මෙම සිසු ඇගයීමේ උලෙළ සංවිධානය කරන ලදී.
Reply To:
Name - Reply Comment
0 Comments