Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කලා පදනම සංවිධානය කරන ධර්මරාජ කලා උලෙළ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපති සංගීත් නිපුන් මහාචාර්ය සනත් වන්ද්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ දඹානේ වැදි නායක විශ්ව කීර්තී ඌරැ වරිගේ වන්නියලැත්තන්ගේ විශේෂ සහභාගීත්වයෙන් පසුගියදා පැවැත්වුණි.
 මෙම කලා උලෙළේදි ප්‍රවීණ සංගීතඥ ගායනවේදි අමරසිරි පීරිස්,  ප්‍රවීණ රංගන ශිල්පී ගීතා කාන්ති ජයකොඩි, විජය පුවත්පත් සමාගමේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි ජේ.ඒ.එල්. ජයසිංහ යන මහත්ම මහත්මීන්  ඇගයීම වෙනුවෙන් “ධර්මරාජ විශිෂ්ට ප්‍රතිභා” සම්මානය පිරිනැමුණි. ධර්මරාජ විද්‍යාලයේ ආදි සිසුන් වන දෙරණ මාධ්‍ය ජාලයේ සමීර බණ්ඩා විරකෝන්, හිරැ මාධ්‍ය ජාලයේ ප්‍රභාත් ප්‍රේමදාස යන මහත්වරැන් ස‍ඳහා “ධර්මරාජ  ප්‍රතිභා සම්මානය”  පිරිනැමුණි.
කලා උලෙළට සමගාමිව පාසල් දරැවන් අතර පවත්වන ලද තරගවල ජයග්‍රාහකයන් ඇගයීම ද සිදුකෙරැණි. මහනුවර ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පති දම්පිය වනසිංහ මහතාගේ උපදෙස් පරිදි කලා පදනමේ සභාපති සහකාර විදුහල්පති අජිත් පෙරේරා මහතා විසින්  සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා විදුහල්පතිවරැ, ගුරැවරැ ඇතුළු පිරිසක් සහභාගී වූහ.


(කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.