බමුණාකොටුව වල්පොළ කනිෂ්ඨ විද්‍යාලයට නව ශිෂ්‍යනායක මණ්ඩලයක්
- 2019-01-22 21:47:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වාරියපොළ අධ්‍යාපන කොට්ඨාසයට අයත් බමුණාකොටුව වල්පොල කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් ගේ නිල ලාංජන පැලඳවිමේ උත්සවය නිකවැරටිය කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල්.එම්.සංජිව බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණි.
ශිෂ්‍ය නායක නායිකාවන් ලෙස ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 23 දෙනෙක් නිල ලාංජන පැලඳියහ. වල්පොල කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ඩී.එම්.කුමාරසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් විද්‍යාලයීය විනය කම්ටුව 2018 වසරේ ශිෂ්‍ය නායක නායිකාවන් තෝරාගෙන ඇත.
මෙම අවස්ථාවට වාරියපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී. එම්.ටී.බී.දිසානායක මහතා සහ අවට විද්‍යාලවල විදුහල්පතිවරැද සහභාගි වූහ. නිල ලාංජන පැලඳවීමට අමතරව විවිධ තරගවලදී ජයගත් ශිෂ්‍යයන්ටද ත්‍යාග ප්‍රදානය කිරීමද මෙම අවස්ථාවේදී සිදුකෙරැණි.
Reply To:
Name - Reply Comment
0 Comments