වේයන්ගොඩ ශාන්ත මරියා මහ විදුහලෙහි නව ශිෂ්‍ය නායක නායිකාවන් දිවුරැම්දීම හා නිල ලාංඡන පැලඳවීම
- 2018-09-25 23:10:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වේයන්ගොඩ ශාන්ත මරියා මහ විදුහලෙහි 2018-2019 වසර සඳහා වන නව ශිෂ්‍ය නායක නායිකාවන් දිවුරැම්දීම හා නිල ලාංජන පැලඳවීම රණවිරැ සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ප්‍රියන්ත නාපාගොඩ මහතා ඇතුළු ආරාධිතයන් පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.
විදුහල්පති බී.ඞී. අයි.ජේ. කරැණාරත්න මහතාගේ මෙහෙයවීම මත ප්‍රාථමික අංශයේ සිසු නියමුවන් 49 ක්, කනිෂ්ඨ අංශයේ සිසු නියමුවෝ 48 ක් හා ජ්‍යෙෂ්ඨ අංශයේ නායක නායිකාවෝ හැට දෙනෙක් මෙහිදී නිල ලාංඡන පැලඳියහ.
ඒ . රවිදු කේෂර පෙරේරා විද්‍යාලයීය ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙසත් හසිනී විරක්කොඩි සිසුවිය ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙසත් මෙහිදී පත් ෙකරිණ. නිල ලාංජන පැලඳවීමෙන් අනතුරැව සිසු නියමුවන් කාණ්ඩ වශයෙන් ප්‍රතිඥාදීම සිදුවිය. විදුහල්පති බී.ඩී.අයි.ජේ. කරැණාරත්න , ප්‍රධාන ආරාධිතයාවූ මේජර් ජනරාල් ප්‍රියන්ත නාපාගොඩ, පොලිස් විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරි ධම්මික නෙත්තසිංහ යන මහත්වරැන් ඉදිරියේ ශිෂ්‍ය නායකනායිකාවෝ ප්‍රතිඥා දුන්හ. ප්‍රතිඥාවෙන් පසු සෑම සිසු නායක නායිකාවකම ප්‍රසිද්ධීයේ මා පියන් මෙන්ම ගුරැ භවතුන් වන්දනා මාන කරනු ලැබීම විශේ්ෂත්වයක් විය.
ඩබිලියු.ඒ.ඩී. සිතුම් සංජන සහ චතුරිනී රස්මිලා විද්‍යාලයීය ක්‍රීඩා නායක හා නායිකාව ලෙසද මෙහිදී පත්වීම් ලදහ.
ප්‍රදේශයේ පාසල්වල විදුහල්පතිවරැ, දෙමාපියන් ඇතුඵ විශාල පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments