මහනුවර දිස්ත්‍රික් අන්තර් පාසල් මාධ්‍ය අධ්‍යාපන සිසු සිසුවියන්ට ලංකාදීපයෙන් පුහුණුවක්
- 2017-07-24 15:29:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහනුවර දිස්ත්‍රික් අන්තර් පාසල් මාධ්‍ය අධ්‍යාපන ශිෂ්‍ය සංගමයේ සිසු සිසුවියන් සඳහා මුද්‍රිත මාධ්‍ය පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබා දෙන එක් දින වැඩමුළුවක් විජය පුවත්පත් සමාගමේ බෙදාහැරීම් සහ මුද්‍රණ අංශයන්හි දී අධ්‍යාපනය සඳහා පුවත්පත් වඩසටහනේ සහයෝගය ඇතිව පැවැත්විණි. සංගමයේ අනුශාසක සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන විෂය අචාර්ය අානන්ද බණ්ඩාර අබේසිංහ මහතාගේ සංවිධානයෙන් වැඩමුළුව සංවිධානය කෙරිණ. ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු මාධ්‍ය අධ්‍යාපන ව්‍යාපෘති ප්‍රධානි ආචාර්ය බන්දුල පී. දයාරත්න, විජය ප්‍රධාන කර්තෘ පියල් උදය සමරවීර, ඉන්දික සෙනෙවිරත්න මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් වැඩමුළුව පැවැත්විණ. බෙදාහැරීම්, මුදුණ, කර්තෘ මණ්ඩල, අංශයන්හි පුහුණු අවස්ථා ලබා ගැනීමට සිසු සිසුවියන්ට අවස්ථාව සැලසිනි.
ඡායාරූප-රුසිරි තරංග
Reply To:
Name - Reply Comment
0 Comments