ජයලලිතා අවසන් ගමන් යයි
- 2016-12-06 09:39:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
(update) ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි අභාවප්‍රාප්ත තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයමරාම්ට අවසන් ගෞරව දැක්වීම සඳහා චෙන්නායි නුවරට යෑමට නියමිත බව ලංකාදීපය වාර්තාකරයි.
දින 73ක් ඇය රෝහලේ ගත කළාය. ඇය මියගිය බව ඇපලෝ රෝහල සඳුදා මධ්‍යම රාත්‍රියේදී ප්‍රකාශ කළේය. ඇගේ අනුප්‍රාප්තිකයා ලෙස ඕ. පනීර් සෙල්වම් පත්කර ගැනීම සඳහා අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ නායකයෝ පක්ෂ මූලස්ථානයේදී රැස්වූහ.
පසුගිය සැප්තැම්බර් 22 වැනිදා ඇය ඇපලෝ රෝහලට ඇතුළු කරනු ලැබුවේ ශ්වසන අපහසුතාවයකින් පසුවය. එම රෝහලේ ඇය ගතකළ අවසන් 24 පැයේ වෛද්‍යවරු ඇගේ ජීවිතය බේරාගැනීමේ සටනක නිරතව සිටියදී රෝහලෙන් පිට ඇගේ ආධාරකරුවෝ දහස් ගණනක් දින ගණනක් පුරා රෝහල අවට දැඩි නොසන්සුන් තත්ත්වයකින් සිටියහ.
‘අම්මා‘ යනුවෙන් දස ලක්ෂ ගණන් ද්‍රවිඩ ජනයා ඇය සැලකූහ. ජනප්‍රිය හා නවරැල්ලේ සිනමා නිළියක වූ ජයලලිතා හය වතාවක් මහ ඇමැතිවරිය වූවාය. ඇයට එරෙහිව පැවැති දූෂණ චෝදනා නිසා 2001 දී හා 2014 දී මහ ඇමැතිකමින් ඉවත්වීමට සිදුවිය.
තනතුරේ සිටියදී ස්වභාවික හේතු මත මියගිය දෙවැනි මහ ඇමැති ඇයයි. ජම්මු හා කාශ්මීර් මහ ඇමැති ඊට පෙර එසේ මිය ගියේය.
ඇපලෝ රෝහල පවසනුයේ උණ සෑදී විජලනයට ලක්ව සිටි ජයලලිතාගේ ලේ විසවී තිබූ බව වෛද්‍යවරු කියා සිටි බවයි. ඇගේ ලේ විසවී සිරුර පුරාම යන්නට ඇතැයි ද විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් 24 පැයේම ඇගේ ජීවිතය බේරාගැනීමට උත්සාහ කළැයි ද ඉරිදා (4) පස්වරු 4ට හෘදයාබාධයක් හටගැනීමෙන් පසු ඇය ගැන තිබූ බලාපොරොත්තු අල්ප වී යැයි ද රෝහල කියයි.
ඇය මිය ගිය බව රූපවාහිනී නාළිකා කිහිපයක් සඳුදා පස්වරුවේ ප්‍රකාශ කළ නමුත් එවෙලේම ඇපලෝ රෝහල එය ප්‍රතික්ෂේප කළේය. ඇය මියගිය බව රෝහල ප්‍රකාශ කිරීමත් සමග ඇගේ පක්ෂ මූලස්ථානයේ ජාතික කොඩිය අඩ කුඹු කැරිණි. චෙන්නායි නුවර බොහෝ කඩ සාප්පු වසා දැමිණි. ජයලලිතාට ප්‍රතිකාර කිරීම සඳහා දොස්තර රිචඩ් බීල් ලන්ඩනයේ සිට කිහිපවරක්ම ගුවන් මගින් චෙන්නායි පැමිණියේය. ඇගේ ජීවිතය බේරාගැනීම සඳහා වෛද්‍යවරුන් හැකි සැම දෙයක්ම කළ බවත් අවසන් මොහොත දක්වාත් තම සටන අත් නොහළ බවත් දොස්තර බීල් කියයි. නවදිල්ලියේ සමස්ථ ඉන්දියානු වෛද්‍ය විද්‍යාලයේ විශේෂඥ වෛද්‍යවරුන් සිව් දෙනකු ඇපලෝ වෛද්‍ය කණ්ඩායමට සහාය වූ බවත් ඇගේ පණ රැක ගැනීම සඳහා අවසන් 24 පැයේ දී ඇගේ හදවත, පෙනහළු හා වකුගඩු ජීවිතාරක්ෂ උපකරණවලට සම්බන්ධ කර තිබූ බවත් සඳුදා මැදියම් රැයට පැය බාගයක් තිබියදී ඇය මියගිය බවත් ඇපලෝ රෝහලේ විධායක අධ්‍යක්ෂ සංගීතා රෙඩ්ඩි කියයි.
ජයලලිතාගේ දේහය චෙන්නායි නුවර මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇති බවත් ඇගේ දේශපාලන ගුරුවරයා වූ ඇ.ජී.රාමචන්ද්‍රන්ගේ දේහය තැන්පත් කළ තමිල්නාඩුවේ මරීනා වෙරළ අසබඩ සොහොන් බිමේ අද අවසන් කටයුතු කිරීමට නියමිත බවත් එන්ඩීටීවී පුවත් සේවය කියයි.
ඇගේ දේහය බහාලූ මංජුසාව ඉන්දියා ජාතික ධජයෙන් වසා ඇත.
පක්ෂයේ නායකත්වය කාට හිමිවන්නේ දැයි තීරණයක් ගෙන නැතත් ජයලලිතාගේ ළඟම හිතවතියක වන ශෂිකලා නඩරාජන් (59) එම තනතුරට පත්වෙතියි කියති.
ජයලලිතා ජීවත්ව සිටියදී ශෂිකලා තිරයෙන් පිටුපස සිට ඇගේ බලතල පාවිච්චි කළ බව කියති.
---------------------------------------------------------------------------------------------------------------------------------
ජයලලිතා ජයරාම් හිටපු මහ ඇමතිනිය (68) මියගොස් ඇති බව බීබීසී පුවත් සේවය උපුටා දක්වමින් ලංකාදීපය වාර්තා කරයි. සඳුදා සවස ඇය මියගොස් ඇති බවට ඉන්දියාවේ පලවූ ප්‍රවෘත්ති වැරදි බව පසුව ඇපලෝ රෝහල දන්වා සිටි අතර දැන් එම රෝහල ම එය තහවුරු කර තිබේ. ඉරිදා රාත්‍රී ඇතිවූ හදිසි හෘදයාබාධයකින් අසාධ්‍යව පන අදිමින් සිටි ඇය සඳුදා ඉන්දියවේ වේලාවෙන් රාත්‍රී 11.30ට මියගිය බවත් ඇපලෝ රෝහල් බලධාරීන් තහවුරු කරයි.
ඇය අසාධ්‍යව සිටිය දී රෝහල අසළට පැමිණි දහස් ගණන් ආධාරකරුවන් පාලනය කර ගැනීමට 15,000ක පොලිස් බලඇණියක් ද කැඳවා තිබිණි. ඇයට ඉක්මන් සුව පතා ආධාරකරුවන් දෙවියන් යදිද්දී තවත් පිරිසක් පොලිස් මුරපොළට ප්‍රහාර එල්ල කර අලාභහානි කර තිබූ බව ද ඉන්දීය පොලිසිය කියයි.
තමිල්නාඩු ප්‍රාන්තයේ වෙළෙඳ ඇමැතිවරයා ලෙස කටයුතු කරන ඕ.පන්නීර්සෙල්වම් මීළඟ මහ ඇමැතිවරයා ලෙස නම්කැර තිබේ.
(ලංකාදීප)
Reply To:
Name - Reply Comment
0 Comments