ලොව බලවත්ම කාන්තාවන් අතර චීන කතුන් වැඩිවෙලා
- 2016-06-08 11:36:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ෆෝබ්ස් සඟරාව විසින් ප්‍රකාශයට පත් කර ඇති 2016 ලොව බලවත්ම කාන්තාවන්ගේ ලැයිස්තුව අතර චීන කාන්තාවන්ගේ නම් පෙරට වඩා වැඩි වී තිබේ.සාමාන්‍යයෙන් ලොව බලවත්ම කාන්තාවන් අතර නිරන්තරයෙන් කියැවෙන බටහිර නම් අතරට, ආසියානු කාන්තාවන්ගේ බලය වැඩිවීම සැලකිය යුතු භූ දේශපාලනික ක්‍රියාවලියක් බව විශ්ලේෂකයෝ පවසති.මේ අතර, මෙවර ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනාගෙන් ප්‍රථම ස්ථානය දිනාගැනීමට පෙර පරිදිම ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් සමත්ව සිටියි. එහිදී, එම ලැයිස්තුවේ ඇමෙරිකානු කාන්තාවන් 51 දෙනෙකු ඇතුළත් වෙමින්, එහි වැඩි ගෞරවය ඇමෙරිකාව වෙත නතු කරගත්තත්, දෙවැනි ස්ථානය චීනය විසින් අත්පත් කරගෙන තිබේ. එසේ ඉදිරියට පැමිණි චීන කාන්තාවන් අතර, අලිබබා වාණිජ වෙබ් අඩවියේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීනී ලුසී පෙන්ග් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මාගරට් චෑන් පෙරමුණේ සිටිති.
Reply To:
Name - Reply Comment
0 Comments