වැළලුණු පොම්පේ නගරයෙන් මන්ත්‍රකාරයන්ගේ මෙවලම් හමුවේ
- 2019-08-13 16:35:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉතාලියේ රෝමයට සහ නාපෝලි නගරයට සමීපයේ පිහිටි, වැළලී ගිය පොම්පේ නගරය ආශ්‍රිත කැනීම්වල නිරතව සිටින පුරාවිද්‍යාඥවරුන් විසින් මන්ත්‍රකාරයන් භාවිත කළැයි සැලකෙන, සුබ ඵල ගෙන දෙන, කැඩපත් සහ වීදුරුවලින් කරන ලද වස්තු රැසක් සොයාගෙන ඇත. මෙම මෙවලම් බහුතරයක් කාන්තාවකගේ විය යුතු බවද අලංකාරය සඳහා පළඳින ආභරණ ලෙස නොව, පූජාකර්මවලදී අශුභ ඵල පළවා හැරීමට යොදාගන්නට ඇති බව ද පොම්පේ පුරාවිද්‍යා උද්‍යානයේ අධ්‍යක්ෂක මසීමෝ ඔසානා පවසයි.
පළිඟු, පිඟන් මැටි, අමතේස්ත නම් ස්ඵටිකරූප පාශාන සහ තෘණමනී(ඇම්බර්) ආදියෙන් මේවා නිමවා ඇති අතර, ලීයෙන් කළ මංජුසාවක තිබී හමුවූ බවද පුරාවිද්‍යාඥයෝ පවසති. එම වස්තූන් සොයාගත් නිවසේ කුටියක තිබී කාන්තාවන් සහ ළමුන් ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකුගේ පමණ සිරුරු ද සොයාගෙන ඇත. මෙම වස්තූන් එම නිවාසයේ හිමිකරුට වඩා සේවකයකුට හෝ වහලෙකුට අයත් ඒවා වන්නට ඇතැයිද ඔසානා මහතා කියයි.
“මේ මෙවලම් එදිනෙදා ජීවිතයේදී කාන්තාවන් බහුලව යොදාගන්නා භාණ්ඩයි. නමුත් ඒවා සුවිශේෂයි, අද්භූතයි. ඒ මෙවලම්වලින්, ලාවාවලින් බේරීමට තැත් කළ පොම්පේ නරගය ගැන කතාන්දර, චරිත කතා ගණනාවක් අපට කියාදෙනවා. ඇතැම්විට මෙහි හමුවූ සිරුරුවලින් අයෙකුට මේ දෑ අයත්ව තිබුණා විය හැකියි” යැයිද ඒ මහතා කියයි.
ඉතාලියේ වෙසුවියස් ගිනි කන්ද පුපුරායෑමෙන් ක්‍රි.ව. 79දී පොම්පේ නගරය වැළලී විනාශ විය. මෙම පිපිරීමෙන් ලාවා හා අළුවලින් වැසුණු පොම්පේ නගරයේ තිබූ වස්තූන් එලෙසින්ම මිදුණු අතර, එම නටඹුන් පුරාවිද්‍යාඥයින්ට වටිනා වස්තූන් බවට පත්විය.
(බීබීසී ඇසුරිනි)
ඩිල්ෂානි චතුරිකා දාබරේ
Reply To:
Name - Reply Comment
0 Comments