ඇමරිකානු ඡන්දය උණුසුම් හිලරි ඡන්දය ප්‍රකාශ කරයි
- 2016-11-08 21:31:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2016 වසරේ ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා වූ ප්‍රචාරක කටයුතු නිමාවට පත්විය. ඡන්ද විමසීම පැවැත්වෙන අද (08) උදෑසන හිලරි ක්ලින්ටන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් තම අවසන් ප්‍රචාරක රැළිවලට සහභාගීවූහ. මිචිගන්හි දී ඩොනල්ඩ් ට්‍රම්ප් තම අධාරකරුවන්ට පැවසුවේ ජීවිත කාලයටම එක්වරක් පමණක් ලැබෙන දේශපාලන වෙනසක් රැගෙන එන අතර ඇමරිකානු රජය තුළ අවංකභාවය ප්‍රතිෂ්ඨාපනය කරන බවය. සමීක්‍ෂණ වාර්තා අනුව සුලු ප්‍රතිශතයකින් දැනට තරගයේ ඉදිරියෙන් සිටින හිලරි ක්ලින්ටන් පැවසුවේ ඇමරිකාව තැනිය යුතුවන්නේ 'පාලම්' මිස 'තාප්ප' නොවන බවය. ඇය එසේ පැවසුවේ මෙක්සිකෝ දේශසීමාව හරහා තාප්පයක් බැඳීමේ සැළසුමක් පිළිබඳව ට්‍රම්ප් කළ ප්‍රකාශකයට පිළිතුරු වශයෙනි. නැගෙනහිර වෙරළතීරයේ ඡන්ද මධ්‍යස්ථාන ඡන්දදායකයන් සඳහා විවෘතවීමට සූදානමින් තිබුණි. ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් නිව්යෝක් ප්‍රාන්තයේ, චප්පාකුවා හිදී සිය ඡන්දය ඇගේ සැමියා වූ හිටපු ජනපති බිල් ක්ල්ටන් සමග ඡන්දය ප්‍රකාශ කර තිබේ. ඇමෙරිකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක කාන්තා අපේක්ෂිකාවක ලෙස ජනාධිපතිවරණයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළ ප්‍රථම කාන්තාව බවටද හිලරි මේ සමග පත්වනු ඇත.
ඡායාරූප-AP
https://www.facebook.com/cnnnews18/videos/10155414408574202/
Reply To:
Name - Reply Comment
0 Comments