ඇමෙරිකානු ජනාධිපතිවරණය-ට්‍රම්ප් ඉදිරියට
- 2016-11-09 09:58:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දැනට ප්‍රකාශිත ඡන්ද අනුව 197 ට 216ක් ලෙස නියෝජිත ඡන්ද ලබා හිලරි ක්ලින්ටන් අභිභවමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන් සිටියි. කෙසේ වෙතත්, ඉලෙක්ටොරල් කොලේජ් හෙවත් ඡන්ද තීරකයන්ගේ සභාවේ සමස්ත නියෝජිත සංඛ්‍යාව වන 538න්, බහුතරය වන 270කට වැඩි නියෝජිත ඡන්ද සංඛ්‍යාවක් ජයග්‍රහණය සඳහා අවශ්‍ය වෙයි. මේ වනවිට ප්‍රාන්ත 50කින් ප්‍රාන්ත 25ක ඡන්ද විමසීමෙන් මෙම නියෝජිත ඡන්ද සංඛ්‍යාව ප්‍රකාශයට පත්ව තිබේ.
එමෙන්ම, 45 වැනි ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වූ ඇමෙරිකානු ඡන්ද විමසීම මෙරට වේලාවෙන් පෙ.ව. 5.30 ට පමණ අවසන් වී තිබේ. ඒ අනුව, හිලරි ක්ලින්ටන්ගේ බල කඳවුරු වූ ප්‍රාන්ත කිහිපයකම බලය අත්පත් කරගනිමින් දැනට පුරෝකථනය කෙරෙන සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන්ද ට්‍රම්ප් ඉදිරියෙන් සිටින බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, නියෝජිත ඡන්ද වැඩි ප්‍රමාණයක් හිමි කැලිෆෝනියා, ෆ්ලොරීඩා, ඔහියෝ ආදී ඡන්ද මෙතෙක් ප්‍රකාශයට පත්වී නැත. (ada)
Reply To:
Name - Reply Comment
0 Comments