ඇමෙරිකාව පරදන බෝම්බයක් රුසියාවෙන්
- 2017-04-21 10:07:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඇමෙරිකාව ‘සියලු බෝම්බ වල අම්මා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන බෝම්බවයට වඩා සිවු ගුණයක් අධි බලැති බෝම්බයක් තමන් සතුව ඇතැයි රුසියාව සඳහන් කරයි.
ඔවුන් එය හඳුන්වන්නේ ‘සියලු බෝම්බ වල පියා’ ලෙසිනි. ඇමෙරිකාව පසුගියදා සියලු බෝම්බ වල අම්මා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන බෝම්බයක් යොදාගෙන ඇෆ්ගනිස්තානයේ ඉස්ලාම් ත්‍රස්ත සංවිධානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්ල කළේය.
රුසියාවේ ප්‍රකාශය ඇමෙරිකාවේ ආරක්ෂක අංශ විශ්ලේෂකයන්ද තහවුරු කර තිබේ. කෙසේ වෙතත් රුසියාව විසින් නිපදවා ඇති මෙම බෝම්බය තවමත් යුදමය කටයුතු සඳහා යොදාගෙන නොමැත.
මෙවැනි බෝම්බ දෙවැනි වන්නේ න්‍යෂ්ඨික බෝම්බ වලට පමණි. රුසියාව සඳහන් කරන්නේ තම බෝම්බය 2007 වසරේදී අත්හදා බල බවයි. එසේම ඒ හරහා න්‍යෂ්ඨික බෝම්බයකින් විහිදෙන තරංග හා සමාන තරංග විහිදවිය හැකි බවත් රුසියාව පවසා තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments