ඉතාලියේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී පිරිසක් මරුට- ඉතාලියේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී පිරිසක
- 2016-07-12 20:38:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
BBC :දකුණු ඉතාලියේ මගී දුම්රිය දෙකක් එකට එක ගැටීමෙන් පුද්ගලයන් විසි දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසකට තුවාල සිදු වී ඇත.
ඉතාලියේ අන්ද්රියා ප්‍රදේශයේ දුම්රිය මාර්ගයක මුහුණට මුහුණලා ගැටුණු දුම්රිය දෙකේ ගමන් ගත් මගීන් ගලවා ගැනීමේ කටයුතු තවමත් සිදු වෙමින් පවතියි.
අනතුර සිදු වූ අවස්ථාවේ එක දුම්රියක් එහි උපරිම බලයෙන් ධාවනය වෙමින් තිබුණු අතර අනතුරෙන් දුම්රිය දෙකේම පළමු මැදිරි සම්පූර්ණයෙන් ම විනාශ වී තිබෙන අයුරු දැක්වෙන රූප රාමු මාධ්‍ය විසින් පළ කොට තිබුණි.
එකම දුම්රිය මාර්ගයේ දුම්රිය දෙකක් ගමන් කිරීමට හේතු වූ කරුණු පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරඹා ඇති බවයි ඉතාලි බලධාරීන් පවසන්නේ.
මැදිරි විනාශ වී තිබෙන අයුරු; CopyrightITALIAN FIRE SERVICE
දුම්රිය දෙකේම පළමු මැදිරි සම්පූර්ණයෙන් ම විනාශ වී තිබෙන අයුරු; CopyrightEPA
Reply To:
Name - Reply Comment
0 Comments