Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඉතාලියේ භූ කම්පන දෙකක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රිච්ටර් මාපකයේ 5.5 ක හා 6.1ක අගයන් සටහන් කළ භූ කම්පන හේතුවෙන් ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇතැයි ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මසිරාටා ප්‍රාන්තයේ විසෝ ආසන්නයේ 5.5ක භූකම්පනයක් සිදුව ඇති අතර ඉන් පැය දෙකකට පමණ පසු එම පෙදෙසේම 6.1ක අගයකින් යුත් භූ කම්පනයක් සිදුව ඇත. බොහෝ පිරිසක් තුවාල ලබා ඇති අතර ජීවිත හානි වාර්තා මෙතෙක් වාර්තා වී නොමැත. පුද්ගලයන් 298 දෙනකුට මරු කැඳවමින් දකුණු ඉතාලියේ සිදුවූ දරුණු භූ කම්පනයෙන් මාස දෙකකට පමණ පසු කම්පන ඇතිවී තිබීම විශේෂත්වයකි. 

බදාදා භූකම්පනය මධ්‍යම ඉතාලියට බලපා ඇති අතර රෝම අගනුවර ගොඩනැගිලි සෙලවීම හා දොරවල් ජනෙල් එකට ගැටුණු බව කියති. ඉතාලි සිවිල් ආරක්ෂ ප්‍රධානී ෆැබ්රිසියෝ කර්සියෝ පැවසූයේ පුද්ගලයන් දස දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වන බවත් ඉන් සිව් දෙනකුට පමණක් බරපතල තුවාල ඇති බවත්ය. දෙවැනි භූ කම්පනය තරමක් දරණු එකක් වූ බව කියති. සිද්ධිය ඇසින් දුටුවකු ඉතාලි රූපවාහනියට ප්‍රකාශ කර ඇත්තේ ගොඩනැගිල්ලක කොටසක් තමා ඉදිරියට කඩා වැටුණු බවයි.(තොරතුරු- අකිල බද්දේවිතාන-ලංකාදීප)

Pic by-Sandro perozzi/AP

           Saram tilotta for CNN

 

 

 160827160120-shattered-vistas-01-exlarge-169 92105498_036076529epa 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.