ඉතියෝපියාවේ සාමජ වෙබ් අඩවි තහනම්
- 2016-07-13 19:35:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉතියෝපියාවේ ජාතික පාසල් විභාගය හේතුවෙන් එරටේ සියලුම සමාජ ජාලා වෙබ් අඩවි තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම්, වයිබර් වැනි සමාජ ජාලා අඩවි බදාදා වන තුරු තහනම් කර තිබේ.
ඊට හේතුව පහු ගිය විශ්ව විද්‍යාල වර්ෂ අවසාන විභාගයක ප්‍රශ්න පත්‍රයක් එම අඩවි වල පල වී තිබීමයි. එම ප්‍රශ්න පත්‍ර පිට කිරීම ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට සිදු කොට ඇතැයි එරට රාජයේ බලධාරීහු පැවසූහ.
සාමජ ජාල තහනම් කිරීමේ තීරණය එරට ජනතාවගේ කෝපයට හේතුවී තිබේ. ගුණාත්මක සහ සාධාරණ විභාගයක් පැවැත්වීම සදහා එම තීරණය ගත් බව බලධාරීහු පවසති.
එම විභාගයට සිසුන් 254000ක් පමණ පෙනීසිටීමට නියමිත බව එරට අධ්‍යාපන දෙපාර්තුමේන්තුව පවසයි.
සමාජ ජාල වෙබ් අඩවි සිසුන්ගේ අධ්‍යාපනය වෙනතකට යොමු කරන බවද රජයේ නිලධාරීහු පවසති. මිට පෙර එක්සත් ජාතීන්ගේ සංගමය විසින් සමාජ ජාල වෙබ් අඩවි තහනම් කිරීම හෙළාදකිමින් යෝජනාවක් ද සම්මත කළේය.(ලංකාදීප)
Reply To:
Name - Reply Comment
0 Comments