Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඉන්දියාව නිෂ්පාදනය කළ අන්තර් මහාද්වීපික අග්නි 5 බැලස්ටික් මිසයිලය අද (26දා) සාර්ථකව අත්හදා බැලීය. මෙම මිසයිලයට ආසියාවේ කිලෝමීටර් 5000ක පමණ දුරක පිහිටි ඉලක්කයකට ගමන් කළ හැකි අතර, එයට ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 1000ක් පමණ බරැති පුපුරන ද්‍රව්‍ය රැගෙන යා හැකිය. එයින් පාකිස්තානය ඇතුළු දකුණු ආසියාව, උතුරු චීනය ඇතුළුව චීනයේ බොහෝ ප්‍රදේශ හා  ආසියාවේ බොහෝ ස්ථානවල ඉලක්ක වෙත පහසුවෙන් ළඟාවිය හැකි බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මිසයිලයේ සමස්ත බර කිලෝ 50,000ක් පමණ වෙයි.

මිසයිලය නවීන අවි පද්ධතියකින් බලගන්වා ඇති අතර ලෝකයේ එවැනි සුපිරි මිසයිල පද්ධති ඇති රුසියාව, චීනය, ඇමෙරිකාව, ප්‍රංශය හා එංගලන්තය යන රටවල් අතරට ඉන්දියාවද එක්විය.

ඉන්දියාවේ ඔඩිසාහිඅබ්දුල් කලාම් දූපතේදී මෙම අත්හදා බැලීම සිදුකෙරිණි. අග්නි 5 මිසයිලයේ තුන්වැනි හා අවසන් අත්හදා බැලීමද මෙය වන අතර, ඒ අනුව එය සාර්ථක වූ බව ඉන්දියාව පවසයි. ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන සංවිධානය විසින් දිගින් මීටර් 17ක් පමණ දිගැති මෙම අග්නි 5 මිසයිලය නිෂ්පාදනය කෙරිණි.

ඉන්දියාව ඉදිරියේදී අග්නි 6 නමින් තවත් මිසයිලයක් අත්හදා බැලීමට නියමිත අතර, එය කිලෝමීටර් 8,000-10,000ක ඉලක්කයක් ලබාගත හැකි වන අයුරින් නිෂ්පාදනය කිරීමට නියමිතය.

මේ වනවිට ඉන්දියාව සතුව කිලෝමීටර් 700ක ඉලක්කයක් ලබාගත හැකි අග්නි 01, කිලෝමීටර් 2000ක ඉලක්කයක් ලබාගත හැකි අග්නි 02, කිලෝමීටර් 2500ක ඉලක්කයක් ලබාගත හැකි අග්නි 03 හා අග්නි 04 යනුවෙන් මිසයිල පද්ධති හතරක් පවතියි. ඊට අමතරව කෙටිදුර ඉලක්ක වෙත ගමන් කළ හැකි ප්‍රිත්වී හා ධනුෂ් නමින් මිසයිල පද්ධතියක්ද වෙයි.

නිරෝෂා ප්‍රියදර්ශනී

Agni5-4 agni-5-missile-on-display agni-v agnivbigimage_1422702025 ttxvn_andoten_lua

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.