ඉන්දියාව ලොව පස්වැනි කාර් රථ නිෂ්පාදකයා වෙයි
- 2016-10-04 19:11:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දියාව ලෝකයේ පස්වැනි විශාලතම මෝටර් කාර් රථ නිෂ්පාදනයා ලෙස පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. මේ වසරේ ගෙවුණු මාස හත තුළදී ඉන්දියාව සිදුකළ කාර් රථ නිෂ්පාදන ප්‍රමාණය මිලියන 2.75 ඉක්මවීම ඊට හේතුව වී තිබේ. ඒ අනුව දශකයක් ඇතුළතදී ප්‍රථම වතාවට මෙම ලැයිස්තුවේ පස්වැනි ස්ථානය දිනා සිටි දකුණු කොරියාවට එය අහිමිව ඇති අතර, ගෙවුණු කාලසීමාවේදී ඔවුන්ට නිපදවීමට හැකියාව ලැබී ඇත්තේ කාර් රථ මිලියන 2.55 ක් පමණි.
ජර්මනිය කාර් රථ මිලියන 3.62ක්ද, ජපානය මිලියන 5.40 ක් ද, ඇමෙරිකාව මිලියන 7.08 ක්ද නිෂ්පාදනය කර තිබේ. මෙහි ප්‍රථමයා වන චීනය ගෙවුණු මාස හතේදී නිපදවා ඇති මුළු කාර් රථ ප්‍රමාණය මිලියන 12.79 කි. පසුගිය වසරේද දත්ත අනුව දකුණු කොරියාව කාර් රථ මිලියන 4.55 ක් නිපදවූ අතර, ඉන්දියාවනිපදවනු ලැබුවේ කාර් රථ මිලියන 4.12 ක් පමණි.
Reply To:
Name - Reply Comment
0 Comments