උතුරු පකිස්තානයට/උතුරු ඉන්දියාවට ගංවතුර
- 2016-07-04 20:22:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උතුරු පකිස්තානයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් 30 දෙනෙකු පමණ ද , උතුරු ඉන්දියාවේ ගංවතුර හා නායයාම් හේතුවෙන් 25 දෙනෙකු පමණ ද මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චිත්‍රාල් දිස්ත්‍රික්කයේ දේවස්ථානයක සිටි බැතිමතුන් සමගින් එම දේවස්ථානය ජලපහරේ ගසා ගෙන ගිය බවට පකිස්තානය කියයි.
අයහපත් කාලගුණය හේතුවෙන් සහන සැලසීම් සහ මුදවාගැනීමේ මෙහෙයුම් ද අසාර්ථක වී ඇති බව බලධාරීහු පවසති. නිවාස විශාල සංඛ්‍යාවක් ජලපහරට ගසාගෙන ගොස් ඇති අතර හමුදා මුරපොලක් ද ගංවතුරට ගසාගෙන යාම හේතුවෙන් සෙබළුන් අට දෙනෙකු අතුරුදහන් වී තිබේ.
උතුරු ඉන්දියාවේ වැඩිපුරම හානි සිදුවී ඇත්තේ උත්තරඛාන්ඩ් සහ අරුන්චාල් යන ප්‍රදේශ වලට බව වාර්තා වෙයි. ඒ ප්‍රදේශ වල නායයෑම් හේතුවෙන් ගම්මාන රැසක් නොපෙනී ගොස් ඇති අතර අධිවේගී මාර්ගද ජලයෙන් යටවී තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments