Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කිලෝ මීටර 40,000ක දුරක්  පිහිනා යමින් වාර්තාවක් තැබූ%යොෂීනම් කැස්බෑවියක් පිළිබඳවතොරතුරු වාර්තා වෙයි.

කිලෝ ග්‍රෑම් 180ක් පමණ බර වැඩිහිටි කැස්බෑවියකවන මෙම සත්වයා දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හි පිහිටි ඕෂන් මින්මැදුරේ හැදී වැඩී ඇති අතර,2017 වර්ෂයේ දෙසැම්බර් 16වැනිදා කේප් ටවුන්හි හෝට් බොක්කේ සිට නාවුක සැතපුම් 27 දුරකදී සාගරයට මුදා හැර තිබිණි.

ඒ අනුව 2020 මැයි මස 25වැනිදා වනවිට දින 860කදී කිලෝ මීටර 38,898ක් (සැතපුම් 24,158) ගමන් කර තිබූ යොෂී,මේ වනවිටද දිනකට කිලෝ මීටර 45ක් ගමන් කරන බව සඳහන් වේ.  

යොෂි පිළිබඳ වැඩිදුර තොරතුරුජෛව සංරක්‍ෂණ සංගමයේ සභාපති, ආචාර්යලලිත් ඒකනායක මහතා විසින් %අද^ට ලබා දුන් අතර,ඒ මහතා සඳහන් කර සිටියේ සාගර ජීවීන්ගේ අසිරිමත් හැසිරීම් පවත්වාගෙන යාම සඳහා සාගර ජීවීන් සහ සාගර පද්ධතිය ආරක්ෂා කිරීමට සියලු දෙනා ඉතා වගකීම් සහගතව කටයුතු කළ යුතු වන බවයි.

1997දී ඉන්දියන් සාගරයේ මසුන් අල්ලමින් ගමන් කළ ජපානයට අයත් ධීවර යාත්‍රාවකට පිටකටුව තුවාල වූ කිලෝ ග්‍රෑම් 02ක් පමණ ඉතා කුඩා ඔළුගෙඩි කැස්බෑ පැටවෙකු හමුවී ඇති අතර, යාත්‍රාවේ කපිතාන් විසින් මෙම පැටවා යොෂී ලෙස නම් තබා තිබේ.

අනතුරුව දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් වෙත ගමන් කළ යාත්‍රාවේ නිලධාරීන් කේප් ටවුන්හි ටූ ඕෂන් මින්මැදුරට ( Two Ocean Aquarium) මෙම කැස්බෑ පැටවා භාරදී තිබිණි.

මෙලෙස 1997 ජූලි මාසයේදී මින්මැදුරට එක්වන යොෂී එහි සේවකයන්ගේ මෙන්ම නරඹන්නන්ගේද ආදරයට පාත්‍ර වූ  යොෂී සමග වැඩකළ නිලධාරීන්ට කැස්බෑවුන්ට සාත්තු කිරීම සහ හැසිරවීම පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට හැකිව තිබේ.

අනතුරුව ඔවුන් විශේෂයෙන් ධීවර යාත්‍රා හෝ දැල්වලට හසුවී තුවාල ලබන කැස්බෑ පැටවුන් මෙන්ම වැඩිහිටි කැස්බෑවුන්ටද මින්මැදුරේදී ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබේ.  

වසර 18කට වැඩි කාලයක් මින්මැදුරේ ගතකළ යොෂී කිලෝ ග්‍රෑම් 180ක පමණ බර වැඩිහිටි කැස්බෑවියක් බවට පත්වී සිටි බැවින් මින්මැදුරේ නිලධාරීන් යොෂී නැවත මුහුදට මුදා හැරීමට තීරණය කර තිබේ.

අනතුරුව මාස 18ක පමණ කාලයක් දිනපතා ව්‍යායාම සහිතව නැවත සාගරයේ ජීවත්වීම සඳහා ඇයව පුහුණු කර ඇති අතර,2017 දෙසැම්බර් 16 වන දින දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හි හෝට් බොක්කේ සිට නාවුක සැතපුම් 27 දුරකදී යොෂී සාගරයට මුදා හැරීමට කටයුතු කර තිබිණි.

ඇය මුදාහරින විට චන්ද්‍රිකා තාක්ෂණය මගින් ඇය ගමන් කරන මාර්ගය සටහන් කරගත හැකි උපකරණයක් (Satellite Transmitter) ඇයගේ උඩු කබොලේ සවිකර ඇති අතර,අප්‍රිකාවේ බටහිර වෙරළ තීරය දිගේ නැමීබියාව පසුකර ඇන්ගෝලාවට ගමන් කර ඇති ඇය එහි ටික දිනක් ගතකර පසුව ආපසු හැරී නැවතත් කේප් ටවුන් පසුකර ඉන්දියන් සාගරයට ඇතුළුව එක එල්ලේ ඔස්ට්‍රේලියාව දෙසට ගමන් කර ඇත.

මෙසේ ගමන්කළ ඇය පසුගිය පෙබරවාරි මාසයේදී ඔස්ට්‍රේලියා මුහුදු සීමාවට ඇතුළුවී දිගටම බටහිර ඔස්ට්‍රේලියාව දෙසට ගමන් කර තිබේ. මෙම දුර ප්‍රමාණය ආසන්න වශයෙන් කිලෝ මීටර් 40,000ක් පමණ වෙයි.

යොෂී මේ වනවිට දැනට සිටින ප්‍රදේශය ඔස්ට්‍රේලියාවේ සමුද්‍ර උද්‍යානයකට අයත්වේ. කැස්බෑවුන් අභිජනන කලාප සහ භෝජන කලාප අතර ඉතා දිගු දුරක් පර්යටනය කරන අතර මීට පෙර දාරකැස්බෑවෙකු ඉන්දුනීසියාවේ, පැපුවා සිට ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔරිගන් වෙරළ දක්වා දින 647ක් තුළ කිලෝ මීටර 20,558 ගමන්කර තිබේ.

එම වාර්තාව එමෙන් දෙගුණයකට ආසන්න දුරක් ගමන්කළ යොෂී විසින් බිඳ දමා ඇත.

 කෙසේ වුවද මුහුදු පක්ෂීන් විශේෂයක්වන Sooty shearwater  නවසීලන්තයේ සිට ජපානය, ඇලස්කාව සහ කැලිෆෝනියාව දක්වා ගමන් කරන අතර, වාර්තාවූ වැඩිම දුර කිලෝ මීටර 74,000කි.

ඒ අනුව ඔවුන් වසරක් තුළදී මෙම දුර ගමන් කරන අතර, දිනකට කිලෝමීටර 500ක පමණ දුරක් ගමන් කරන බවද ආචාර්ය ලලිත් ඒකනායක මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.(WMDJBM)

pic source - yaay today

 

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.