‘‘කොරෝනා ගෝලීය අර්බුදයක්වීම වළක්වාගන්න හැකියි‘‘
- 2020-02-06 17:42:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මාරාන්තික කොරෝනා වෛරසය පුළුල් ගෝලීය අර්බුදයක් බවට පත්වීම වැළැක්වීමට හැකියාව තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
මේ සම්බන්ධව අදහස් දක්වමින් එහි අධ්‍යක්ෂ ජනරාල් ට්‍රෙඩොස් අද්නාම් ග්‍රෙබෙයිසස් පැවසුවේ වෛරසයේ කේන්ද්‍රය වන වුහාන්හි දී එය මැඩපැවැත්වීමට ගත් පියවර එය ලොව පුරා පැතිරීම වැළැක්වීමට යොදාගත හැකි හොඳ ක්‍රමයක් බවයි.
වෛරසය පැතිරීමේ නවතම තත්ත්වය සම්බන්ධව ජිනීවා නුවර පැවති සාකච්ඡාවකට එක්වෙමින් ට්‍රෙඩොස් මහතා මේ බව පවසා තිබේ.
වුහාන් හි මිලියන ගණනක ජනතාවක් හුදකලා කරමින් දැඩි ප්‍රවාහන සීමාවන් පනවමින් චීන බලධාරීන් වෛරසයට ප්‍රතිචාර දැක්වූ ආකාරයට එහිදී හෙතෙම ප්‍රශංසා කළේය.
"චීන බලධාරීන් කේන්ද්‍රයේදී අනුගමනය කළ ඉහළ හා ප්‍රබල පියවර ලොව පුරා වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීමට හා එය පාලනය කිරීමට ප්‍රයෝජනයට ගනිමු" යැයි ට්‍රෙඩොස් මහතා පවසා සිටියේ ය.
සංවර්ධිත රටවල් කිහිපයක් රෝගය සම්බන්ධ දත්ත බෙදා ගැනීමට යොමු නොවීම සම්බන්ධව එහිදී ට්‍රෙඩොස් මහතා සිය අප්‍රසාදය පල කළේය.
වෛරසය පැතිරීම ආරම්භයේදීම එහි බරපතලකම අවතක්සේරු කිරීම සහ සමහර අවස්ථාවල එය රහසිගතව තබා ගැනීම සම්බන්ධව චීන රජයට ද චෝදනා එල්ල විය.
ට්‍රෙඩොස් මහතා පවසන්නේ චීන බලධාරීන් මෙම වරද පසුව නිවැරදි කරගත් බවයි.
කෙසේ වුවද රටවල් සඳහා සංචාරක හා වෙළඳ සීමාවන් නොපනවන ලෙස ට්‍රෙඩොස් මහතා එහිදී ඉල්ලා ඇත.
(බීබීසී ඇසුරිණි ) ,
ලංකාදීප ඇසුරිනි
Reply To:
Name - Reply Comment
0 Comments