චීනයෙන් ගුවන් යානා ප්‍රවාහන නෞකාවක්
- 2017-04-26 11:45:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
යුදමය කටයුතු සඳහා බොහෝවිට භාවිත කරන ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් චීනය විසින් නිෂ්පාදනය කර ඇතැයි බී.බී.සී. පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
කලාපයේ ඇතිව තිබෙන ආරක්ෂක වාතාවරණය පිළිබඳව අවධානය යොමුකරමින් මෙම නෞකාව චීනය විසින් සයුරට දියත් කර තිබේ.
මෙම නෞකාව සම්පූර්ණයෙන්ම චීනය විසින් නිෂ්පාදනය කර ඇති අතර එම නෞකාවත් සමග චීනය තුළ පවතින ගුවන් යානා ප්‍රවාහන නෞකා ගණන දෙකක් බවට වර්ධනය වී තිබේ.
නෞකාවට තවමත් නියමිත නමක් චීනය විසින් ලබාදී නොමැත. 2020 වසරේ පටන් නෞකාවේ මෙහෙයුම් කටයුතු සිදුකිරීමට නියමිතව තිබුණත් උතුරු කොරියාව හා ඇමෙරිකාව අතර ආරම්භ වී ඇති සීතල යුද්ධය හේතුවෙන් එය කලින්ම සයුරට දියත් කර තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනි
Reply To:
Name - Reply Comment
0 Comments