මාග්‍රට් තැචර්ගෙන් පසු බ්‍රිතාන්‍යයට තවත් ගැහැණියක්
- 2016-07-12 11:36:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තමා බදාදා (13) ඉල්ලා අස්වන බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් අද ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස තෙරේසා මේ වැඩ බාර ගනු ඇතැයි ද කැමරන් කීවේය. බ්‍රිතාන්‍යයේ මුල්ම අගමැතිනිය වූ යකඩ ගැහැණිය ලෙස විරුදාවලිය ලද මාග්‍රට් තැචර්ගෙන් පසු තෙරේසා එම තනතුරට පත්වීමට නියමිතය.
යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත් විය යුතු බවට ජනමත විචාරණයකින් තීරණය වීමත් සමග කැමරන් ඉල්ලා අස්වීමට තිරණය කළේය.
බ්‍රිතාන්‍යෙය් පාලක කොන්සවර්ටිව් පක්ෂයට නව නායකයකු මෙන්ම රටට නව අගමැතිවරයකු ද තෝරා ගැනීමේ අරමුණින් ඉකුත් දා (6) ඡන්ද විමසුමක් පැවැත්වුණු අතර එයින් ඉදිරියට පැමිණියේ ස්වදේශ කටයුතු ලේකම්වරිය වූ තෙරේසා මේ ය.
කෙසේ වෙතත් අගමැතිධුරය හා පක්ෂ නායකත්වය සඳහා ස්වදේශ කටයුතු ලේකම්වරිය තෙරේසා මේ හා බලශක්ති කටයුතු ලේකම්වරිය වන ඇන්ඩ්‍රියා ලීඞ්සම් අතර තරගයක් පැවැති අතර අවසානයේදී ඇන්ඩ්‍රියා ලීඩ්සම් එම තරගයෙන් ඉවත් වූවාය. ඇය පක්ෂ නායකත්වය හා අගමැතිධුරය සඳහා වන සටනින් ඉවත් වීමත් සමග තෙරේසා මේ හෙට (13) අගමැතිධුරයේ වැඩ බාරගනු ඇතැයි වත්මන් අගමැති ඬේවිඞ් කැමරන් ප්‍රකාශ කළේය.
වත්මන් අගමැති ඬේවිඩ් කැමරන් එළිසබෙත් රැජින මුණගැසීමට නියමිත අතර ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය රැජිනට බාරදීමට නියමිතය.
කැමරන් මීළඟ අගමැතිවරයා ලෙස තෙරේසා මේ ගේ නම ස්වදේශ කටයුතු ලේකම්වරයාට යෝජනා කිරීමට ද නියමිතය.
‘බදාදා දිනයේදී අගමැතිවරයා වෙත යොමු කර ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා මා පාර්ලිමේන්තුවට පැමිණෙනවා. ඉන් අනතුරුව මාළිගාවට ගොස් රැජිනට මගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර දෙනවා.” යැයි කැමරන් මාධ්‍යයට කීවේය.
(Lankadeepa)
Reply To:
Name - Reply Comment
0 Comments