Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ ඇමතිනිය ලෙස හිටපු මහ ඇමැතිති ජයලිලතා ජයරාම් මෙනවියගේ ආධාරකාරියක වූ වී.කේ. ශෂිකලා නාටරාජන් මහත්මිය පත් කරගන්නා බව ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂය අද (5) නිවේදනය කළේය.

ජයලලිතා ජයරාම් මෙනවියගෙන් පසු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමැතිධුරයට ඕ.පන්නීර්සෙල්වම් මහතා පත්වූ අතර අද (5) චෙන්නායි නුවර පැවැති පක්ෂ රැස්වීමකදී ඕ.පන්නීර්සෙල්වම් මහතා තම ඉල්ලා අස්වීම බාර දෙමින් ශෂිකලා නටරාජන්  මහත්මිය තමිල්නාඩු මහ ඇමැතිධුරයට යෝජනා කර ඇත.

ඒ අනුව පක්ෂයේ මහලේකම්වරිය වශයෙන් කටයුතු කරමින් සිටි ශෂිකලා නටරාජන් මහත්මිය තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිනිය වශයෙන් පත් කිරීමට පක්ෂ සාමාජිකයෝ ඒකමතිකව තීරණය කළහ.

තමාගේ ඉල්ලා අස්වීමේ ලිපිය කඩිනමින් ආණ්ඩුකාරවරයාට බාරදෙන බව ද ඕ.පන්නීර්සෙල්වම් මහතා ප්‍රකාශ කළේය. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ඕල් ඉන්දියා අන්නා ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් පක්ෂයේ ශෂිකලා නටරාජන් මහත්මිය පක්ෂ මහ ලේකම්වරිය වශයෙන් පත්වූවාය.

ශෂිකලා නටරාජන් මහත්මිය තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිනිය වශයෙන් දිවුරුම් දෙනු ලැබුණහොත් මාස හයක් ඇතුළත ශෂිකලා නටරාජන් මහත්මිය ප්‍රාන්ත සභාවට තේරී පත්විය යුතු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
‘ පුංචි අම්මා තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමතිනිය වශයෙන් තෝරාගත්තා’ යැයි ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.

‘අපගේ ගෞරවනීය අම්මාගේ අභාවයෙන් පසු මට මහ ඇමැතිධුරය බාරගන්නැයි ඕ.පන්නීර්සෙල්වම් යෝජනා කළා’ යැයි ශෂිකලා නටරාජන් මහත්මිය උපුටා දක්වමින් එම පක්ෂයේ තවත් නිල ට්විටර් ගිණුම තවත් ට්විටර් පණිවිඩයක් යොමු කරමින් සඳහන් කළේය. 

 ද හින්දු පුවත් ඇසුරෙනි. පරිවර්තනය-හර්ෂණ තුෂාර සිල්වා

Untitled-12

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.