Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙතෙක් ලොව වැඩිම කාලයක් රාජ්‍ය පාලනය ගෙන ගිය පුද්ගලයා ලෙස ඉතිහාසයට එක්වූ තායිලන්ත රජු භූමිබෝල් අදුල්යාදේජ් රජු අද (13දා) අභාවප්‍රාප්ත විය.

වසර 70ක් රාජකීය සිහසුන දැරූ භූමිබෝල් අදුල්යාදේජ් රජු තායිලන්තය තුළ සිදුවූ විවිධ දේශපාලන හැලහැප්පීම් මාධ්‍යයේ වුව ජනතා ගෞරවාදරයට ලක් වෙමින් සිටි යුග පුරුෂයෙකු ලෙස සැලකෙයි. පසුගිය දිනවල භූමිභෝල් රජු දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කරනු ලැබ සිටි අතර මිය යන විට 88 වැනි වියේ පසුවිය. භූමිබෝල්  රජු නවවැනි රාමා ලෙසින්ද තායිලන්ත රජු හැඳින්වුණු අතර චක්‍රී රාජ වංශයෙහි නව වැනි රජු ඔහු වීම ඊට හේතුවයි​

පසුගිය වසර කිහිපය පුරා රෝගාතුරව සිටි භූමිබෝල් රජු, එම කාලය පුරාවට ජනතාව ඉදිරියට පැමිණියේද අවස්ථා කිහිපයකදී පමණි. භූමිබෝල් රජුගේ පියා මහිදෝල් අදුල්යාදේජ් කුමරුය. ඔහු හාවඩ් සරසවියේ ඉගෙනුම ලබන කාලයේදී භූමිබෝල් කුමරු ඉපදුණි. භූමිභෝල් රජු 1927 වසරේ දෙසැම්බර් 5 වැනිදා එක්සත් ජනපදයේ මැසචුසෙට් ජනපදයේ කේම්බ්‍රිජ් හි උපත ලබා ඇති අතර 1946 ඔහුගේ සොයුරු ආනන්ද මහිදෝල්ගෙන් පසු තායිලන්තයේ රජකමට පත්විය. 

ඒ අනුව, තායිලන්තයේ නව ඔටුන්න හිමි මහා වජිරාලොන්ග්කෝර්න් කුමරු එරට නව රජු ලෙස කිරුළු පළඳිනු ඇති බව තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන්-ඕචා රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් පවසා සිටියේය.

බෞද්ධ රජෙකු ලෙස දීර්ඝ කාලයක් සිය රට වෙනුවෙන් සේවය කළ භූමිබෝල් රජු අනිවාර්යයෙන්ම දෙවියන් අතර ඉපදී ඇති බවත්, එතුමා මේ වනවිට රටේ ජනතාව දෙස බලාගෙන සිටිනු ඇති බවත් අගමැතිවරයා පවසා සිටියි. දරුවන් හය දෙනෙක් රජුට සිටි අතර තායිලන්ත වැසියන් ඔහු දේවත්වයේ ලා සැලකූ අතර සෑම වසරකම රජුගේ ජන්ම දිනය උත්සවශ්‍රීයෙන් සැමරීමට ද ඔවුහු කටයුතු කළහ.​

භූමිබෝල් රජුගේ අභාවය වෙනුවෙන් වසරක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කිරීමටත්, මාසයක් යනතුරු සියලු විනෝදාස්වාදී කටයුතු අඩු කිරීමටත් තායිලන්ත රජය තීරණය කර තිබේ. 

1946 වසරේදී ආනන්ද් රජුගේ අභාවයෙන් පසුව භූමිබෝල් වෙත රාජ්‍යත්වය හිමි වූ අතර, එවකට ඔහුගේ වයස අවුරුදු 18 කි. ස්විට්සර්ලන්තයෙ ඉගෙනුම ලබන කාලයේදී භූමිබෝල් කුමරාට, සිරිකිට් කුමරිය හමුවූ අතර, ඔවුන් 1950 අප්‍රේල් 28 වැනිදා යුග දිවියට එලැඹුණි. ඒ බැංකොක් නුවරදී තායිලන්ත රජු ලෙස කිරුළු පැළඳීමට සතියක් තිබියදීය.

64-sport-H.M.-King-Bhumibol-Adulyadej-of-Thailand-bumibol FILES-THAILAND-POLITICS-ROYALS FILES-THAILAND-POLITICS-ROYALS FILES-THAILAND-POLITICS-ROYALS FILES-THAILAND-POLITICS-ROYALS FILES-THAILAND-POLITICS-ROYALS FILES-THAILAND-POLITICS-ROYALS FILES-THAILAND-POLITICS-ROYALS FILES-THAILAND-POLITICS-ROYALS FILES-GB-THAILLANDE-DIPLOMACY-ROYAL FAMILY THAILAND-KING-POLITICS-ROYAL THAILAND-KING-POLITICS-ROYAL THAILAND-KING-POLITICS-ROYAL 174574922 wev_91896647_mournersepa wev_91912015_badgereu

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.