ලෝක බලවතා ලෙස ට්‍රම්ප් පත්වෙයි
- 2016-11-09 12:00:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2016-11-09 1.16 PM
ඇමෙරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩි ඡන්දයෙන් තේරී පත්වෙයි. ට්‍රම්ප් නියෝජිත ඡන්ද (ආසන) 538න්, බහුතරය වන ඡන්ද 276 ලබා ජයග්‍රහණය කර තිබේ. (ආසන 270ක් ජයග්‍රහණය කිරිම ඇමෙරිකාවේ ජනපති වශයෙන් තේරී පත්වීමට ප්‍රමාණවත්ය)
2016-11-09 12.11 PM
ඇමෙරිකානු ජනපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා වන මායිමට ඩොනල්ඩ් ට්‍රම්ප් පැමිණ තිබේ. ඒ සඳහා ඔහුට මැතිවරණ කොළේජ 270ක් ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වූ අතර මේ වන විට ඔහු 264ක් ජයග්‍රහණය කර තිබේ.
2016-11-09 / 10.06 AM
මේ වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රථිපල අනුව ආසන 216ක් දිනාගනිමින් යළිත් ඉදිරියට පැමිණීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සමත්ව තිබෙයි. හිලරි ක්ලින්ටන් ආසන 209ක් ජයග්‍රහණය කර තිබේ.
2016-11-08 / 10.00 AM
ඇමෙරිකානු ජනපතිවරණයේ මේ වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව ඩොනල්ඩ් ට්‍රම්පි අභිබවමින් හිලරි ක්ලින්ටන් ඉදිරියට පැමිණ තිබේ. ඒ අනුව ආසන 197 - 187ක් ලෙස හිලරි ඉදිරියට පැමිණ තිබේ.
2016-11-09/ 09.05 AM
ඇමෙරිකානු ජානපතිවරණයේ මේ වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය අනුව හිලරි ක්ලින්ටන් අභිබවමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියට පැමිණ තිබේ. ඇමෙරිකාවේ ප්‍රාන්ත 50න් ප්‍රාන්ත 28ක ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත්ව ඇති අතර එහිදී බහුතරය ජයග්‍රහණය කිරිමට ට්‍රම්ප් සමත්ව තිබේ. ආසන 538කින් බහුතර වන ආසන 270ක් සඳහා වන තීරණාත්මක සටන මේ වන විට පැවැත්වෙයි. එහිදී ආසන 168ක් ලෙස ඩොනල්ඩ් ට්‍රම්පි ඉදිරියෙන් සිටියි.
(2016-11-09 / 19.07 P.M)
ඇමෙරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනපතිවරයා තෝරා ගැනිම සඳහා පවත්වන ඡන්ද විමසුම දැන් ආරම්භ වී තිබේ. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන හිලර් ක්ලින්ටන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් සිය අවසන් මැතිවරණ කතා පවත්වනු ලැබිය.
ඇමරිකා එක්සත් ජනපදයේ පළමු පුරවැසියා තේරීමේ ඡන්ද සටන අද (8) ආරම්භ වේ. ඇමරිකාවේ 45 වැනි ජනපති තේරීමේ තරගය සඳහා එරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන ඩිමොක්‍රටික් පක්ෂයෙන් හිලරි ක්ලින්ටන් හා රිපබ්ලිකන් පක්ෂයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් තරග වැද සිටිති. පසුගිය සතියේදී ට්‍රම්ප්ට වඩා ජන්ද සියයට 2.7 ක් ඉදිරියෙන් හිලරි ක්ලින්ටන් ඊට පෙර සතියේ දෙදෙනාගේ ජනප්‍රියතාව පෙන්වුයේ හිලරි ට්‍රම්ප්ට වඩා ජන්ද ඉදිරියෙනි. ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමාට වඩා අඩු ඡන්ද සංඛ්‍යාවක් හිලරි විසින් ලබා ගනු ඇති බවත්.. ට්‍රම්ප්ට් හා හිලරි අතර ඡන්ද පරිතරය වැඩි නොවනු ඇති බවත් විශ්ලේෂකයින් පෙන්වා දෙති. මේ වන විට කෝටි 4ක් ඡන්දය ප්‍රකාශ කර තිබේ.
බීබීසී සංදේශය සමග එක්වෙමින් වොෂිංටනයේ 'තුලේන්' සරසවියේ තුලනාත්මක ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සෑම් සමරසිංහ මහතා සමග පැවැත්වූ සාකච්ඡාවක දී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිළි කරමින් මහාචාර්යවරයා සඳහන් කළේ ,ඇමෙරිකානු මැතිවරණ නීතිය සම්බන්ධයෙන් ප්‍රාන්ත අතර වෙනස්කම් පවතින අතර ඇතැම් ප්‍රාන්තවල ඡන්දදායකයන්ට කල්තබා ඡන්දය ප්‍රකාශකළ හැකි බවය.
දීර්ඝ වශයෙන් කරුණු පැහැදිළි කරමින් මහාචාර්යවරයා සඳහන් කළේ, ඇමෙරිකානු මැතිවරණ නීතිය සම්බන්ධයෙන් ප්‍රාන්ත අතර වෙනස්කම් පවතින අතර ඇතැම් ප්‍රාන්තවල ඡන්දදායකයන්ට කල්තබා ඡන්දය ප්‍රකාශකළ හැකි බවයි.
Reply To:
Name - Reply Comment
0 Comments