නවසීලන්තයේ ගිනිකන්දක් සක්‍රිය වේ
- 2019-12-09 21:57:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නවසීලන්තයේ වයිට් දූපතේ ගිනි කන්දක් සක්‍රිය වීමෙන් සංචාරකයන් පස් දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. ගිනිකන්ද සක්‍රීය වන අවස්ථාවේ දූපතේ සංචාරකයන් 50කට ආසන්න සංඛ්‍යාවක් සිටි බවද, එයින් 23 දෙනෙකු ආරක්ෂිතව මුදා ගැනීමට හැකිවූ බවද පොලිසිය පැවසුවේය. නවසීලන්ත වේලාවෙන් පස්වරු 2.00 ට පමණ සිදුවූ මෙම අනතුරින් තවත් කිහිපදෙනෙක් තුවාල ලබා සිටිති. සංචාරකයින් පිරිසක් ගිනිකන්ද නැරඹීමට ගොස් සුළු වේලාවකින් එය සක්‍රීය වී තිබේ. ලෝකයේ වඩාත් සක්‍රීයම ගිනි කඳු පිහිටි ස්ථානයක් ලෙස නවසීලන්තයේ වයිට් දූපත සැලකේ.
පුපුරා යාමට මොහොතකට පෙර 'වයිට් අයිලන්ඩ්' (White Island) ගිනි කඳු විවරය වටා සංචාරකයන් ඇවිද යමින් සිටිනු දැක ඇත. 'වකාරි' (Whakaari) නමින් ද හඳුන්වනු ලබන 'වයිට් අයිලන්ඩ්' ගිනි කන්ද නවසීලන්තයේ වඩාත්ම ක්‍රියාකාරී ගිනි කඳු අතරින් එකකි.
(බීබීසී ඇසුරෙනි)
![]() |
ගිනි කන්ද පුපුරා යාමට මිනිත්තු කිහිපයකට පෙර කඳු විවරයේ සජීවී දර්ශන ඔස්සේ ගත් ඡායාරූපයක් |
![]() |
'වකාරි' නමින් ද හඳුන්වනු ලබන 'වයිට් අයිලන්ඩ්' ගිනි කඳ නවසීලන්තයේ වඩාත්ම ක්‍රියාකාරී ගිනි කඳු අතරින් එකකි - MICHAEL SCHADE |
![]() |
දූපත තුළ හෝ ඒ අවට පුද්ගලයන් සිය දෙනෙකු සිට ඇති බව පොලිසිය මුලින් පැවසීය. පසුව එම සංඛ්‍යාව පනහක් බව නිවේදනය කෙරිණි -MICHAEL SCHADE |
Reply To:
Name - Reply Comment
0 Comments