පාප් තුමෝ නව කාදිනල්වරු 17 ක් පත් කරයි
- 2016-10-11 00:00:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් කතෝලික පල්ලිය සඳහා අලුතින් කාදිනල්වරු 17දෙනකු පත්කරනු ලැබූහ. මොවුන් ප්‍රධාන වශයෙන් තෝරාගෙන ඇත්තේ අප්‍රිකා, ආසියා හා ලතින් ඇමරිකා රටවලිනි. ඉතාලියෙන් එක් කාදිනල්වරයකු පමණක් තෝරාගෙන ඇත.
2013 වර්ෂයේ පාප් වහන්සේගේ පදවිප්‍රාප්තියෙන් පසු කාදිනල්වරුන් පත්කළ තෙවැනි අවස්ථාව මෙයයි. දෙසැම්බර් මාසයේ සිය 80වැනි විය සම්පූර්ණ කරන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියතුමා කතෝලික පල්ලියේ අනාගතය සම්බන්ධයෙන් ඉතා වැදගත් තීරණ රැසක් ක්‍රියාත්මක කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
පාප්වහන්සේ තනතුරින් ඉවත්වීම හෝ මියයාම සිදුවුවහොත් ඒ වෙනුවට අනුප්‍රාප්තිකයකු ලෙස පත්කිරීමට සුදුසුකම් සම්පූර්ණ කර ඇති 13දෙනෙක් ද මේ අතර වෙති.
http://www.nytimes.com/2016/10/10/world/europe/vatican-pope-francis-cardinals.html
Reply To:
Name - Reply Comment
0 Comments