පිලිපීනයේ නව ජනපති ලෙස රොඩ්රිගෝ ඩුටටේ දිව්රුම් දෙයි
- 2016-07-02 00:57:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
MANILA, Philippines (AP) පසුගිය මැයි මාසයේ පැවැති ජනපතිවරණයෙන් ජය ලැබූ හිටපු පුරපතිවරයෙකු වූ රොඩ්රිගෝ ඩුටටේ මහතා පිලිපීනයේ 16 වැනි ජනපතිවරයා ලෙස දිව්රුම් දුන්නේය.
දිව්රුම්දීමේ උළෙල ඔහු විසින්ම ඉතා සරල උත්සවයක් ලෙස පවත්වනු ලැබිය. ජනපතිවරණය සඳහා අපේක්ෂකයින් පස්දෙනෙකු ඉදිරිපත්ව සිටියහ. ඩුටටේ විශාල ඡන්ද ප්‍රමාණයකින් ඉදිරියෙන් සිටින බව දුටු සෙසු පිරිස පරාජය භාරගෙන ඉවත්ව ගියේය. සියයට අසූ එකක පමණ ජනතාවක් ඡන්දය ප්‍රකාශ කළ බවද වාර්තාවිය. ජනපතිවරණයට පෙර සිටම අනාවැකි පළවූයේ ඩුටටේ ඉදිරියෙන් සිටින බවටය.
අන්තවාදී අදහස් දරන්නෙකු ලෙස ප්‍රකට හැත්තෑ එක් හැවිරිදි ඩුටටේ පිලිපීනයේ ජනප්‍රිය චරිතයකි. රට තුළ අපරාධ මැඩලීමට පුරපතිව සිටි කාලයේ දී ඔහු විශාල වැඩ කොටසක් කළේය. දේශපාලන පවුලක ඉපදුණද සරල ජීවන රටාවක් ගෙවීමට පුරුදුව සිටියහ.
(Aaron Favila/AP
Reply To:
Name - Reply Comment
0 Comments