Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ සති දෙකක කාලයක් සඳහා සියලු අධ්‍යාපනික හා සංස්කෘතික ස්ථාන වසා දැමීමට පෝලන්ත රජය තීරණය කර ඇත.

පෝලන්තය යුරෝපා සංගමයේ සාමාජික රටක් වන අතර යුරෝපා සංගමයේ සාමාජික රටවල් සියල්ලටම මේ වනවිට වයිරසය ආසාදනය වී තිබේ.

පෝලන්තයෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයන් 25 දෙනකු හමු වී ඇත.

     ‘‘අපි ප්‍රමුඛත්වය දෙන්නේ කොරෝනා වයිරසයට එරෙහි සටනට’’ යැයි පෝලන්ත අග්‍රාමාත්‍ය මාටෙව්ස් මොරවියෙස්කි පැවැසීය.

මාර්තු 12 වැනිදා සිට 25 වැනිදා දක්වා සියලු පාසල්, පෙරපාසල්, විශ්වවිද්‍යාල, රංගශාලා, සිනමාශාලා, කෞතුකාගාර ආදී සියල්ල වසා තබන බව ද හෙතෙම කීය.

මෙලෙස පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමුවත් මෙය නිවාඩු කාලයක් නොවන බවත් නිරෝධායන ක්‍රියාවලි වෙනුවෙන් වසා දැමීමක් පමණක් බවත් පෝලන්ත අග්‍රාමාත්‍යවරයා කීය.

පෝලන්ත අගනුවර පැවැති මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍යවරයා එම කරුණු ප්‍රකාශ කළ අතර එම මාධ්‍ය හමුවට පෝලන්තයේ සෞඛ්‍ය අමාත්‍ය ලූකාස් ස්සුමෝව්ස්කි ද සහභාගී විය.

‘‘මෙය පාසල්වලට හෝ විශ්වවිද්‍යාලවලට ලබාදෙන නිවාඩු කාලයක් නෙවෙයි. මෙය රටේ සිදු කරන දැවැන්ත නිරෝධායන ක්‍රියාවලියේ කොටසක්. අපි මේ කාලයේදී ගෙවල්වලට වෙලා ඉන්න ඕනෑ. කිසිවකුත් මුණ නොගැසී හමු නොවීමට සිටීමට වගා බලාගන්න ඕනෑ. අපි වගකීම් සහගත පුරවැසියන් විය යුතු’’ යැයි ද මෙම මාධ්‍ය හමුවේදී පෝලන්ත සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.

ඒ.එෆ්.පී.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.