Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අගමැති ධුරයෙන් නික්මයන ඩේවිඩ් කැමරන් (David Cameron) අද (13දා) බකිංහැම් මාලිගයේදී සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කිරීමෙන් පසුව නව අගමැතිනිය ලෙස තේරේසා මේ (Theresa May) වෙත නව රජයක් පිහිටුවන ලෙස දෙවැනි එළිසබෙත් රැජින සිදුකරන ආරාධනය ඇය පිළිගැනීමට නියමිතය.

බකිංහැම් මාලිගයේදී සිදුකෙරෙන සාම්ප්‍රදායික දෑත් සිප ගැනීමේ චාරිත්‍රයෙන් පසුව කැමරන් තම අස්වීම නිල වශයෙන් මහ රැජින වෙත භාරදීම සිදුවන අතර, පසුව නව අගමැතිනිය මහ රැජින වෙත හඳුන්වාදීම සිදුවනු ඇති බවද කියැවෙයි.

මේ අතර, අගමැති ධුරයෙන් නික්ම යන කැමරන් අවසන් වරට එරට පාර්ලිමේන්තුව වෙත පැමිණ, පාර්ලිමේන්තුව ඇමතීමද සිදුවිය.

එමෙන්ම, අද ඩවුනින්ග් වීදියේ, අංක 10 නිවසින් ඉවත්ව ගිය හිටපු අගමැතිවරයා, එහි යතුරු කැරැල්ල නව අගමැතිවරියට භාරදීමටද නියමිතව තිබුණි. මෙය සාම්ප්‍රදායික චාරිත්‍රයක් මිස, එවැනි සැබෑ යතුරු කැරැල්ලක් නොමැති බවද විදෙස් මාධ්‍ය පවසයි.

තේරේසා මේ සිය ස්වාමියා වූ ෆිලිප් මේ සමග බකිංහැම් මාලිගය වෙත පැමිණෙනු ඇති අතර, එහිදී ඇයට රජයක් පිහිටුවීමට රැජිනගෙන් ආරාධනය ලැබෙන බව බකිංහැම් මාලිගය පවසයි.

ඉන් අනතුරුව තේරේසා මේ බ්‍රිතාන්‍යයේ දෙවැනි අගමැතිනිය ලෙස අංක 10 නිවසට පැමිණීමට නියමිතව ඇත්තේ, එරට ප්‍රථම අගමැතිනිය වූ මාග්‍රට් තැචර්ගේ අඩිපාරේ යමිනි.

කෙසේ වෙතත්, රජයේ ප්‍රබල නියෝජිතයන් හමුවීමට පෙර ඇය කෙටියෙන් ජාතිය ඇමතීමටද නියමිතව තිබේ.(ada)

1_main(725) 2(1499) 2(2371)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.