බිල් ඉංග්ලිස් නවසීලන්ත නව අගමැති
- 2016-12-14 13:22:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නවසීලන්ත නව අගැමැති ලෙස බිල් ඉංග්ලිස් පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු නවසීලන්ත මුදල් ඇමති ලෙසත් උප අගමැති ලෙසත් ක්‍රියා කළේය.වෙලින්ටනයේ රාජ්‍ය මන්දිරයේදී ඔහු දිවුරුම් දුන්නේය. සමාජ හා නිවාස අමාත්‍ය පෝලා බෙනට් උප අගමැති ලෙස පත් වී ඇත.
තමාට තනතුරින් ඉවත්වීමට සුදුසුම වේලාව මෙය බව කියමින් හිටපු අගමැති ජොන් කී ඉල්ලා අස්වු අතර නවකයකුට අවස්ථාවක් දීම සඳහා තමා එවැන්නක් සිදුකළ බවත් ඔහු ප්‍රකාශ කළේය. ඔහු අගමැති ධූරයෙන් මෙන්ම එරට ජාතික පක්ෂයේ නායකත්වයෙන් ද ඉල්ලා අස්වීය.ඔහු ඉල්ලා අස්වීමෙන් පසුව හිස්වූ අගමැති ධුරයට බිල් පත් කැරිණි. ( නිලුක සඳුන් බණ්ඩාරනායක-ලංකාදීප)
Reply To:
Name - Reply Comment
0 Comments