භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගයට තිදෙනෙක්
- 2016-10-05 14:02:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සරේ භෞතික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය පදාර්ථයේ නාඳුනන ස්වරූප සොයාගැනීම් සිදුකළ බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥයන් තිදෙනෙකු වෙත පිරිනමා තිබේ.
ඩේවිඩ් තෝලෙස්, ඩන්කන් හොල්ඩේන් සහ මයිකල් කෝස්ටර්ලිට්ස් නමැති විද්‍යාඥයන් තිදෙනා මේ තුළින් භෞතික විද්‍යාවේ නව දොරටුවක් විවර කිරීමට සමත්ව ඇති බව නොබෙල් ත්‍යාග කමිටුව පවසයි.
පවතින ගණිතමය විධික්‍රම භාවිත කරමින් සිදුකළ පර්යේෂණ මාලාවක ප්‍රතිඵල වශයෙන් පදාර්ථයේ මෙම සැඟවුණු ස්වරූප අනාවරණය කරගැනීමට ඇමෙරිකානු විශ්වවිද්‍යාලයක සේවය කරන මෙම විද්‍යාඥයන් සමත්ව තිබේ.
අධිසන්නායක සහ දුස්ස‍්‍රාවිතාවයකින් තොර ද්‍රව ස්වරූපයේ පදාර්ථ සහ ඉතා තුනී කාන්දම් පටල යොදාගෙන මෙම පර්යේෂණ ඇරඹූ ඔවුන්, ඒ තුළින් පදාර්ථයේ මූලික ස්වරූප වන ඝන, ද්‍රව, වායුවලට අමතරව එම ස්වරූප අතර පවතින නාඳුනන ස්වරූපවල හැසිරීම විස්තර කිරීමට උත්සාහ දරා ඇති බව කියයි.
ඒ අනුව, මෙම සොයාගැනීම වෙනුවෙන් රු.කෝටි 14කට ආසන්න මුදලක් ඔවුන් අතර ත්‍යාග මුදල ලෙස සමසේ බෙදී යනු ඇති බවද විදෙස් වාර්තා පවසයි.(අද පුවත්පත)
Reply To:
Name - Reply Comment
0 Comments