Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ප්‍රධාන මාර්ග ආසන්නයේ ජීවත්වන ජනතාව බොහෝ විට මානසික රෝගවලට ගොදුරුවන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය කරගෙන තිබේ. ලැන්සෙට් නමැති සමීක්ෂණ ආයතනය කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ වසර 11ක කාලයක් පුරාවට සිදුකළ සමීක්ෂණයකින් මේ බව සනාථ කරගෙන තිබේ.

එම කාලසීමාවේදී මිනිසුන් මිලියන දෙකකට ආසන්න සංඛ්‍යාවක් යොදාගෙන ඔවුන් මෙම සමීක්ෂණය සිදුකර ඇති අතර, එහිදී පුද්ගලයන් 243,611ක් මානසික රෝගවලට ගොදුරුවී ඇතැයි ඔවුන් විසින් හෙළි කරගෙන තිබේ.

සමස්තයක් ලෙස ගත්විට ලෝකයේ සමස්ත ජනතාවගෙන් මිලියන 50ක් පමණ මානසික රෝගවලින් පෙළෙන බවද වාර්තා වේ.වායු දූෂණය හෝ මාර්ග තදබදය හේතුවෙන් ඇතිවන ශබ්දය ජනතාවගේ මොළයට අහිතකර ලෙස බලපාන බවද එම සමීක්ෂණයෙන් හෙළිකරගෙන ඇත.

ඔවුන් සොයාගත් දත්ත අනුව 7%සිට 11%දක්වා වන මානසික රෝගීන් ප්‍රමාණයක් ප්‍රධාන මාර්ගයට මීටර් 50ක වපසරියක සිටින ජනතාව අතරින් වාර්තා වන බවද සොයාගෙන තිබේ. ලෝක ජනගහනය ඉහළ යාමත් සමග 2050 වසර වනවිට ලෝකයේ ජනගහනයෙන් මිලියන 130කට අධික පිරිසක් මානසික රෝගවලින් පෙළෙනු ඇති බවටද ඔවුන් හඳුනාගෙන තිබේ. 

නිරෝෂා ප්‍රියදර්ශනී (බී.බී.සී. ඇසුරෙනි)

_93270328_mediaitem93270325

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.