Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

( තිළිණි ද සිල්වා )

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන මහතා  එරට නව වෙළද අමාත්‍යවරයා වශයෙන් පත් කරනු ලැබ ඇතැයි තානාපති ආරංචි මාර්ග වලින් පැවසේ.
 
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා විසින් අද (06) දින මෙම පත්කිරීම සිදු කර ඇතැයි ද සදහන් වේ. ශ්‍රී ලාංකිකයකු වන නලින් ජයවර්ධන සහ ඉන්දීය ජාතික මවකට දාව 1986 වසරේදී බ්‍රිතාන්‍යයේ උපන් රනිල් ජයවර්ධන මහතා 2015 සිට මේ දක්වාම එරට ඊසානදිග හැම්ප්ෂයර් ප්‍රදේශය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින්නෙකි.
2015 වසරේ මැයි 08 වැනිදා පැවති බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයේදී එරට පාර්ලිමේන්තුව තේරී පත්වූයේ ඡන්ද 35,573 ක් ලබා ගනිමිනි.ඉන්පසුව 2017 පැවති මහමැතිවරණයෙන්ද ,2020 ජනවාරි පැවති මැතිවරණයෙන්ද හෙතෙම ජයග්‍රහණය කළේය.
 
මේවන විටත් එරට පාලක පක්ෂය වන කොන්සර්වේටිව් පක්ෂයේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කරන හෙතෙම එරට ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් විශ්වවිද්‍යාලයේ උපාධිධරයකුද වේ. වෘත්තීයෙන් බැංකු කළමනාකරුවෙකු වූ හොතම තරුණ අවදියේම කොන්සර්වේටිව් පක්ෂ ක්‍රියාකාරියෙකුව කටයුතු කළේය.හෙතෙම 2008 වසරේදී බ්‍රිසින්ස්ටෝන් සහ ඩේන් නගර සභාවේ උප නගරාධිපති වශයෙන්ද කටයුතු කළේය.
 
රනිල් ජයවර්ධන මහතා ගේ පියා වන හොරණ අගුරුවාතොට පදිංචි ව සිටි නලින් ජයවර්ධන මහතා 1978 වසරේදී බ්‍රිතාන්‍යයේ පදිංචියට ගොස් ඇති අයෙකු වේ.ඔහුගේ මව ඉන්දීය ජාතික කාන්තාවක වේ.රනිල් ජයවර්ධන මහතා දෙදරු පියකු වන අතර ඔහු විවාහ වී සිටින්නේ ඇලිසන් නැමැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් සමගිනි.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.