Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සිඩ්නි නුවර පැවැත්වෙන නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය නවත්වන ලෙසටත් ලක්ෂ ගණනකගේ ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ ව්‍යාප්ත වෙමින් පවතින දරුණු ලැව් ගිනි තත්ත්වයෙන් බේරීම සඳහා එහි වෙසෙන පිරිස් එම ප්‍රාන්තයේ වෙරළ ඔස්සේ සාගරය වෙත පිවිසෙමින් සිටින බව වාර්තා වෙයි. මේ පිරිස් අතර වික්ටෝරියානු ප්‍රාන්ත වැසියෝ මෙන්ම ඒ වෙත පැමිණි සංචාරකයෝද වන බව සඳහන් වෙයි.

ඒ අනුව ඇතැම් පිරිස් වෙරළේ කඳවුරැ බැඳගෙන සිටින අතර, තවත් පිරිසක් යාත්‍රාවල නැගී ලැව් ගින්න ඇති ප්‍රදේශවලින් ඈත්වෙමින් සිටින බවත් පැවසෙයි. පසුගිය සඳදා දිනයේ සිට වික්ටෝරියා ප්‍රාන්තය තුළ මෙම ලැව් ගිනි තත්ත්වය දරුණු විය.

ලැව් ගිනි නිසා ඇති වුණු දුම්වලාවන්ගෙන් වෙරළ තීරය ඇතුළු ප්‍රදේශ වැසී යාමක්ද සිදු වී තිබුණි. ප්‍රදේශයම අඳුරු රක්ත වර්ණයට හැරී තිබේ. ඒ අනුව වෙරළේ රැඳී සිටින පිරිස්ද ආරක්ෂිත මුඛආවරණ පැළැඳ සිටින ආකාරයද දැකගත හැකි විය. ආසන්න දින කිහිපයේදී ප්‍රාන්තය තුළ පැවැති උණුසුම් දේශගුණය මෙම ලැව් ගිනි ව්‍යාප්තවීමට හේතුවකි.

මේ අතරම ලැව් ගිනි නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ග බොහෝමයක්ම වැසීයාමෙන් එහි වෙසෙන ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමද ඊයේ දිනය තුළ ගැටලුවක් විය. ඒ අනුව ඔවුන්ට අවශ්‍ය ආහාර, ජලය සහ අනෙකුත් අවශ්‍යතා නාවික හමුදා නෞකා මගින් හෝ ලබා දීමට කටයුතු කරන බව වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධානී ඩැනියෙල් ඇන්ඩෘස් පවසා තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ ලැව් ගිනි තත්ත්වය එසේ වෙද්දී ඊයේ දිනය වනවිට නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේද ලැව් ගිනි එලෙසින්ම පැවතුණි. එහිදී තවත් පුද්ගලයන් දෙදෙනකු මෙම ලැව් ගිනි හේතුවෙන් මිය ගොස් ඇති බවටත් වාර්තා විය. ඔවුන් දෙපළ පියා සහ පුතා ලෙස හඳුනාගෙන තිබේ. ඒ අනුව වසරේ මේ දක්වා ඇති වුණු ලැව් ගිනි හේතුවෙන් මරණයට පත් වූවන්ගේ සංඛ්‍යාව 12 දක්වා ඉහළ නැග තිබේ.

ඔස්ට්‍රේලියාව තුළ මෙලෙස ලැව් ගිනි තත්ත්වයන් පවතිද්දී අද (01දා) අලුයම නව අවුරුදු උදාවත් සමග නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නුවර පැවැත්වීමට නියමිතව තිබූ සාම්ප්‍රදායික ගිනි කෙළි සංදර්ශනය නවත්වා දමන ලෙසට එහි බලධාරීන් වෙත බොහෝ පිරිසකගෙන් ඉල්ලීම් ඉදිරිපත්ව තිබුණි. දේශපාලනඥයන්, සමාජ ක්‍රියාකාරිකයන් සහ සාමාජන්‍ය ජනතාව ඒ අතර සිටියි. අන්තර්ජාලය හරහා ඉදිරිපත් කෙරුණු පෙත්සමක් වූ එයට ලක්ෂ 10කට වඩා වැඩි අත්සන් ප්‍රමාණයක් ලැබී තිබීමත් විශේෂත්වයක් විය.

සිඩ්නි නුවර ඔපෙරා හවුස් ගොඩනැගිල්ල පසුබිම් කරගනිමින් සිඩ්නි වරාය පරිශ්‍රයේදී සෑම වසරකදීම නව අවුරුදු උදාවට සමගාමීව පැවැත්වෙන මෙම ගිනි කෙළි සංදර්ශනය නැරඹීම සඳහා ඔස්ට්‍රේලියානුවන් මෙන්ම සංචාරකයන්ද ලක්ෂ ගණනින් පැමිණීම සිදු වෙයි. මෙය ඉතාමත් අලංකාර අවස්ථාවකි.

එහෙත් මෙම ගිනි කෙළි සංදර්ශනයට වැය කරන මුදල් එකතු කර ඒවා නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලැව් ගිනිවලට එරෙහිව සටන් වදින ගිනි නිවන භටයන්ට සහ ලැව් ගිනි නිසා සිය වගාබිම් හානියට පත්ව ඇති ගොවීන්ට ලබා දෙන ලෙස මෙම පෙත්සම හරහා ඉල්ලා තිබිණි.

කෙසේ වෙතත් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත බලධාරීන් අදාළ ගිනිකෙළි සංදර්ශනය සඳහා මුදල් වෙන් කිරීම් දැනට මාස 15කට පෙරාතුව සිදුකර ඇති බවත්, එය නැවැත්වීම සිදු කළ හැක්කක් නොවන බවත් පවසා ඇත. ඒ අනුව එම මුදල් ගොවීන් වෙත හෝ ගිනි නිවන භටයන් වෙත ලබාදීම ප්‍රායෝගික නැතැයිද ඔවුන් පවසා සිටියි.

මේ පිළිබව අදහස් දක්වා ඇති සිඩ්නි නගරයේ ප්‍රකාශිකාවක, &මෙම ගිනිකෙළි සංදර්ශනය අහෝසි කිරීම සිඩ්නි නුවර ව්‍යාපාර කටයුතුවලට දැඩි හානියක් සිදු වේවි. එය දැනට සිය වෙළෙදාම් කටයුතු සිදු කිරිමට සැලසුම් කරන පිරිසට හානියක් වේවි. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ සිට වගේම විදේශයන්හි සිටත් මේ අවස්ථාවට පැමිණීමට බලාපොරොත්තු වන පිරිසගේ සැලසුම් විනාශ කිරීමක් වේවි.* යනුවෙන් පවසා ඇත. (ada newspaper)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.