වයිරසයට මුහුණදීමට ලෝකයේ සියලු රටවල් එක්විය යුතුයි - චීන ජනපති
- 2020-03-18 16:53:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලොව පුරා ව්‍යාප්ත වන විට කොවිඩ් 19 වයිරසට මුහුණදීම සඳහා ලෝකයේ සියලුම රටවල් අත්වැල් බැඳ ගත යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං පැවසීය. ෂී මේ බව ප්‍රකාශ කළේ පාකිස්තාන ජනාධිපති අරිෆ් අල්වි සමඟ බීජිං නුවරදී පැවැති සාකච්ඡාවලදීය. පාකිස්තාන ජනාධිපතිවරයා සඳුදා සිට දෙදින චීනයේ සංචාරයක නිරතව සිටියේය.
විනිවිදභාවයෙන් හා වගකීමෙන් යුතුව කටයුතු කිරීම, කාලෝචිත ආකාරයකින් තොරතුරු මුදා හැරීම සහ රෝගය වැළැක්වීම සහ පාලනය කිරීම පිළිබඳව වෙනත් රටවල් සමඟ අත්දැකීම් හුවමාරු කර ගැනීම යන මූලධර්මය චීනය පිළිගෙන ඇති බව ෂී පැවැසීය. ෂී පැවසුවේ චීන රජය සහ ජනතාව මෙම රෝගය පිළිබඳ අවසන් සහ පූර්ණ ජයග්‍රහණය සඳහා වෙහෙස මහන්සි වී සිටින බවයි.
Reply To:
Name - Reply Comment
0 Comments