වෛද්‍ය විද්‍යා නොබෙල් ත්‍යාගය ජපානයට
- 2016-10-03 16:35:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනමන නොබෙල් ත්‍යාගය දිනාගැනීමට ජපානයේ යොෂිනෝරි ඔහ්සුමි සමත්විය.
සෛල කොටස් ප්‍රතිචක්‍රීකරණය කිරීම හා කැබලි වලට කැඩීමේ ක්‍රියාවලි සොයාගැනීම වෙනුවෙන් ඔහුට වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් හිමි නොබෙල් ත්‍යාගය පිරිනැමීමට තීරණය කළ බව නොබෙල් වෛද්‍ය කමිටුව අද (3දා) නිවේදනය කළේය. නොබෙල් ත්‍යාගය ඩයිනමයිට් ලොවට හඳුන්වා දුන් ඇල්ෆ්‍රඩ් නොබෙල් පිහිටුවා ගත් නොබෙල් පදනම මගින් නොබෙල් ත්‍යාගය පිරිනමණු ලැබේ. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, සාමය, කායික විද්‍යාව හෝ වෛද්‍ය, සාහිත්‍ය අංශවලින් මානව වර්ගයාගේ ශුභ සිද්දිය උදෙසා කැපවූවන් වෙත ත්‍යාග මාලාවක් වාර්ෂිකව පිරිනැමේ.
කවුද මේ ඇල්ෆ්‍රඩ් නොබෙල්
ඇල්ෆ්‍රඩ් නොබෙල් 1833 ඔක්තෝබර් 21 දින ස්වීඩනයේ ස්ටොක් හෝල්ම නුවරදී ඉංජිනේරු පවුලක උපත ලබන ලදී. රසායනඥයෙක්, ඉංජිනේරුවෙක්ද වූ ඔහු නව නිමැවුම්කරුවෙක්ද විය. 1884 දී බොෆෝර්ස් යකඩ සහ වානේ කම්හලක් මිලදීගත් නොබෙල් ප්‍රධාන යුද්ධෝපකරණ නිෂ්පාදකයෙකු බවට පත්විය. බැලිස්ටයිට් (ballistite) සොයාගැනීමේ පුරෝගාමියා වන්නේ නොබෙල්ය.
ඔහු කෝඩයිට් පේටන්ට් අයිතිය උල්ලංගනය කිරීම පිලිබඳ නඩුවක් සඳහාද සම්බන්ධ විය. නොබෙල් සිය ජීවිත කාලය පුරාම මහත් ධනයක් එක් රැස් කළේය. ඔහුගේ ධනයෙන් විශාල ප්‍රමාණයක් උපයනු ලැබුවේ ඩයිනමයිට් ප්‍රධාන වූ ඔහුගේ නව නිර්මාණ 355නි.
1888දී ඇල්ෆ්‍රඩ් "මරණයේ වෙලෙන්දා මිය යයි" යන හිසින් ප්‍රංශ පුවත්පතක පළවූ ඔහුගේම මරණ දැන්වීම දැක පුදුමයට පත්විය. මියගොස් තිබුනේ ඔහුගේ සහෝදරයා වූ ලුඩ්විග් (Ludvig) වූ හෙයින් එය වසර 8කට පෙර සිදුකෙරුනු පූර්ව මරණ දැන්වීමක් විය. එම ලිපිය නොබෙල්ව කලබලයට පත්කල අතර මරණයෙන් පසුව ඔහුව මිනිසුන්ගේ සිත්හි රැඳෙන ආකාරය පිලිබඳව බියට පත්විය.මෙය ඔහුගේ අන්තිම කැමති පත්‍රය වෙනස් කිරීමට ඔහුව පෙලඹවීය. ඇල්ෆ්‍රඩ් නොබෙල් 1896 වසරේ දෙසැම්බර් 10වනදා ඉතාලියේ සැන් රෙමෝ හි ඔහුගේ නිවසේදී මස්තිෂ්ක රක්තපාතයෙන් මරණයට පත්විය. එවිට ඔහුගේ වයස අවු:63 කි.
Reply To:
Name - Reply Comment
0 Comments