සඳ මත පා තැබූ ඇන්තිමයා යූජින් සර්නන් මිය යයි
- 2017-01-17 12:39:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සඳ මත පා තැබූ 11 වැනියා මෙන්ම අවසන් පුද්ගලයා ලෙස ද සැලකෙන යූජින් සර්නන් මහතා සදුදා (16) අභාවප්‍රාප්ත විය. 1963 වසරේ දී නාසා ආයතනයට තුන් වැනි කණ්ඩායම යටතේ තෝරා ගත් 14 දෙනාගෙන් කෙනෙකි. මිය යන විට ඔහු 82වැනි වියේ පසු විය. ඔහු ඇමෙරිකාවේ නාවික හමුදා නිලධාරියෙක් ද, ඝගනගාමියෙක් ද, ඉංජිනේරුවෙක් ද විය. නාවික හමුදාවේ කපිතාන්වරයකු ලෙස කටයුතු කළ ඔහු ඝගණගාමියකු ලෙස තෙවතාවක් අභ්‍යවකාෂය තරණය කර තිබේ. අභ්‍යවකාෂය තරණය කළ දෙවැනි ඇමෙරිකා ජාතිකයා ද මෙන්ම අභ්‍යවකාෂය තරණය කළ ලෝකයේ තෙවැනියා ද වන්නේ යූජින් සර්නන් ය. ඔහුට පෙර අභ්‍යාවකාශය තරණය කළේ රුසියා ජාතිකයකු වන ඇලෙක්සි ලියෝනෝව් සහ ඇමෙරිකා ජාතිකයකු වන එඩ් වයිට් ය.
නියමුවකු ලෙස 1966 වසරේ ජූනි මාසයේ දී පළමු වරට අභ්‍යාවකාෂයට ගිය ඔහු පැය දෙකයි මිනිත්තු හතක් ජෙමිනි 9ඒ අභ්‍යවකාශ යානයෙන් පිටත රැඳී සිටියේය. 1969 මැයි මාසයේ දී ඇපලෝ 10 අභ්‍යවකාෂ යානයෙන් ඔහු දෙවැනි වරටත් අභ්‍යවකාෂය තරණය කළේය. ගේන් තෙවැනි වර අභ්‍යවකාෂය තරණය කළේ ඇපලෝ 17 යානයේ අණ දෙන්නා ලෙස 1972 දෙසැම්බර් මාසයේ දී ය.
Image Credit: NASA/Eugene Cernan
Reply To:
Name - Reply Comment
0 Comments