සැන්ටොස් ජනපති නොබෙල් සල්ලි ප්‍රදානය කරයි
- 2016-10-10 09:46:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නෙබෙල් සාම ත්‍යාගය හිමිවීම වෙනුවෙන් තමන්ට හිමිවූ ත්‍යාග මුදල් අවුරුදු 52ක් පුරාවට කොළොම්බියාවේ පැවැති යුද්ධයෙන් පීඩාවට පත්වූ අය වෙනුවෙන් යොදවන බව කොළොම්බියානු ජනපති ජුආන් මැනුවෙල් සැන්ටොස් පවසයි.
මෙවර නොබෙල් ත්‍යාගය හිමිවීම වෙනුවෙන් සැන්ටොස් මහතාට ආසන්න වශයෙන් රුපියල් මිලියන 147ක් පමණ හිමිවිය."මගේ පවුලත් සමග සාකච්ඡා කර මට හිමිවුණ සියලුම මුදල් ගැටුම්වලින් විපතට පත්වූවන්ට ලබාදීමට තීරණය කළා" යැයි ඔහු පවසයි.
කොළොම්බියානු ෆාක් ගරිල්ලන් සමග සාම සාකච්ඡාවකට එක්වීම හේතුවෙන් මේ වසරේ නොබෙල් ත්‍යාගය සැන්ටොස් ජනපතිවරයාට හිමිවිය.එසේම තමන්ට හිමිවූ නොබෙල් සාම ත්‍යාගගේ ගෞරවය වසර 52ක් පුරා පැවැති යුද්ධයෙන් විපතට පත්වූවන්ට හිමිවන බවද ජනපතිවරයා සඳහන් කළේය.
කොළොම්බියාවේ බොගාටා හි 1951 වසරේදී උපත ලද සැන්ටොස් මහතා 2010 වසරේදී මෙන්ම 2014 වසරේදීත් කොළාම්බියාවේ ජනපතිවරයා ලෙස තේරී පත්විය. 2006 – 2010 දක්වා එරට ආරක්ෂක අමාත්‍ය ධුරයද හෙබවූ සැන්ටොස් මහතා තිදරු පියෙකි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments