සැම්ස්න්ග් වරද බැටරියේ
- 2017-01-24 09:45:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සැම්සුන්ග් සමාගම විසින් නිර්මාණය කළ සැම්සුන්ග් ගැලැක්සි නොට් 7 ජංගම දුරකතනය ගිනි ගැනීමට හේතුව එහි බැටරියේ ඇති ගැටලුවක් බවට සමාගම විසින් කළ පරීක්ෂණවලදි අණාවරණය කරගෙන තිබේ.
ඊයේ දිනයේදී සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දුරකතනයේ මෘදුකාංග හා දෘඩාංග වල ගැටලුවක් නොමැති බවත් බැටරියේ ඇති ගැටලුවක් නිසා එය ගිනිගැනීමට ලක්වූ බවත්ය.
දුරකතන කිහිපයක් ගිනි ගැනීමට ලක්වීම හේතුවෙන් ඔවුන් වෙළඳපොළට නිකුත් කළ දුරකතන සියල්ලම නැවත කැඳවිමට කටයුතු කළ අතර ඒ හේතුවෙන් සමාගමට ඩොලර් බිලියන 5.3ක අලාභයක් සිදුවූ බව ගණන් බලා තිබේ.
බැටරියේ නිර්මණය හා එහි නිෂ්පාදනය මෙම ගැටලුවට හේතු වී තිබේ. ගැලැක්සි නෝට් 7 දුරකතනයේ බැටරිය සමාගම් දෙකක් විසින් නිපදවා තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනි
Reply To:
Name - Reply Comment
0 Comments