සිත්තර චිම්පන්සී 'කොංගෝ' ගේ සිතුවම් අලෙවියට
- 2019-10-09 11:28:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නිර්මාණාත්මක චිත්‍ර ශිල්පයෙහි සමත් කොංගෝ නම් චිම්පන්සියා විසින් කලකට පෙර අදින ලද සිතුවම් 55ක් ලන්ඩනයේ චිත්‍ර ප්‍රදර්ශන ශාලාවෙහිදී මහජනයාට අලෙවි කිරීමට කටයුතු යොදා ඇත.
පැබ්ලෝ පිකාසෝ, ජෝන් මිරෝ ආදී සිතුවම් ශිල්පීන් විසින් අගය කරන ලද මෙම චිම්පන්සියා සිතා බලා, මැනවින් වර්ණ භාවිත කරමින් නිර්මාණ කරන්නෙකුව සිටි බව පැවසේ.
ප්‍රකට මානවවිද්‍යාඥයකු මෙන්ම චිත්‍ර ශිල්පියකුද වන ඩෙස්මන්ඩ් මොරිස් සතුව මෙම සිතුවම් එකතුව පවතී. 'නිරුවත් වානරයා' ආදී මානව ඉතිහාසයේ කෘති පළ කළ ලේඛකයාද මොහු වේ. ඔහු ලන්ඩනයේ පිහිටි ගැලරියේදී ඩොලර් 1,500 සිට 7,400 දක්වා මිලකට මෙම සිතුවම් අලෙවි කරන බව පවසා ඇත. ඩොලර් 247,000කට ආසන්න වටිනාකමක් මෙම සිතුවම් සියල්ලෙන් ලබාගැනීමට හැකිවනු ඇතැයි ඔහු පවසයි.
1950 දී පමණ කොංගෝ සිය සිතුවම් හේතුවෙන් අතිශය ජනප්‍රියත්වයට පත්විය.
වසර 3කදී මෙම චිම්පන්සි සිත්තරා සිතුවම් 400ක් නිම කළ අතර, ඒවා විශිෂ්ට සිතුවම් ලෙස වියතුන් විසින් නම් කරන ලදී. 1964දී කොංගෝ මියගොස් දැන් වසර 50කට වැඩි කාලයක් වඩා ගතවුවද, එම සිතුවම්වලට ඇති ඉල්ලුම තවමත් අඩුව නැත.
(සී එන් එන් ඇසුරිනි)
ඩිල්ෂානි චතුරිකා දාබරේ
Reply To:
Name - Reply Comment
0 Comments