Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

_90416589_034089086-1

 

 

 

 

 

 

 

 

 

 

 

 Image copyright GETTY IMAGE

BBC සන්දේශය
හමුදා කුමන්ත්‍රණ උත්සාහයත් සමග ඉහළ නිලධාරීන් ඇතුළු හමුදා සාමාජිකයන් දෙදහස් අටසිය තිස් නව දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව තුර්කි අගමැති බිනාලි යිල්දිරීම් පවසයි.

අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ සිකුරාදා රාත්‍රියේ දියත් කෙරුණු හමුදා කුමන්ත්‍රණ උත්සාහය මේ වන විට අවසන් වී ඇති බවයි.

පැවති ගැටුම් හේතුවෙන් එකසිය හැට එක් දෙනකු මරුමුවට පත් වී එක්දහස් හාරසීයකට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් ඔහු සඳහන් කළේය.

මේ වන විට රටපුරා අධිකරණ විනිසුරුවරුන් දෙදහස් හත්සීයකට වැඩි පිරිසක් සේවයෙන් පහ කොට තිබේ.

හමුදා කුමන්ත්‍රණය පිටුපස කවුරුන් සිටින්නේ දැයි යන්න මෙතෙක් පැහැදිලි නොමැත.

කෙසේ වෙතත් මේ වන විට රටෙන් පිටවී ඇමරිකාවේ වෙසෙන තුර්කි ආගමික පූජකයකු වන ෆෙතුල්ලා ගුලාන් විසින් හමුදා කුමන්ත්‍රණය මෙහෙයවනු ලැබ ඇති බවට තුර්කි ජනාධිපති රෙජේප් තයීයප් එර්දොවාන් චෝදනා කරයි.

'බෙදුණු සමාජයක්'

_90420697_mediaitem90416181

 


 

 

 

 

 

 

 

 

Image copyright REUTERS ආගමික පූජක ෆෙතුල්ලා ගුලාන් එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ කැරලිකාර හමුදා කණ්ඩායමේ කුමන්ත්‍රණ ප්‍රයත්නය තමන් දැඩි ලෙස හෙලා දකින බවයි.

රට පරිවර්තනයකට ලක් කිරීම සඳහා වන ජනාධිපති එර්දගාන්ගේ සැලසුම් සම්බන්ධයෙන් තුර්කියේ දරුණු බෙදීමක් පැවතීම හමුදා කුමන්ත්‍රණයට හේතු වී ඇති බවයි බීබීසීයේ මැදපෙරදිග සංස්කාරක ජෙරමි බෝවන් කියා සිටියේ.

සිරියාවේ පවතින යුද්ධය හේතුවෙන් තුර්කියට මුහුණ පෑමට සිදු වී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා ද ඊට බලපා ඇති බව ඔහු පවසයි.

ජනාධිපති එර්දොගාන් සහ ඔහුගේ .කේ පක්ෂය මැතිවරණ ජයග්‍රහණය කරන නමුත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඔහු සතු දීර්ඝ කීලීන කැපවීම පිළිබඳ විවේචන එල්ල වන බවයි බීබීසීයේ මැදපෙරදිග සංස්කාරකවරයා සඳහන් කළේ.

ජනාධිපතිවරයා නූතන තුර්කියේ අනාගමික උරුමය ප්‍රතික්ෂේප කරන දේශපාලන ඉස්ලාම්වාදියකු හැටියටයි බීබීසීයේ මැදපෙරදිග සංස්කාරක ජෙරමි බෝවන් විග්‍රහ කරන්නේ.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.