Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ලෙස හිටපු පෘතුගාල අග්‍රාමාත්‍යවරයකු වන අන්තෝනියෝ ගුටෙරස් ලබන ජනවාරියේ සිට  පත්වීමට නියමිත බව ‘ද ගාඩියන්‘ පුවත්පත සදහන් කරයි.
දෙසැම්බර් 31 වැනිදා සිට ධූරයෙන් සමු ගන්නා බෑන්කී මූන්ගෙන් පුරප්පාඩු වන තනතුරට ගුටෙරස්ගේ පත්කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය දැනටමත්  එකඟතාව පළ කර ඇති බවත්, ඒ අනුව ඉදිරි වසරේ සිට නව මහලේකම්වරයා ලෙස ඔහු ක්‍රියා කරනු ඇති බවත් සඳහන්ය.

ඒ සඳහා රුසියාව, ප්‍රංශය, බ්‍රිතාන්‍යය, චීනය, ඇමෙරිකාව රටවලින් සමන්විත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිශේධ බලය හිමි පංච මහා බලවතුන් ගේ ඒකමතික අනුමැතියද හිමිවී ඇත.

කෙසේ වෙතත් අද දිනයේ ගුටෙරස්ගේ පත්කිරීමට එකඟතාව විමසීම සඳහා ඡන්දයක් පවත්වන බවත්, ආරක්ෂක මණ්ඩලයේ බහුතරයක් දෙනා ඔහු පත් කිරීමට දැඩි සහායක් ලබා දෙන  බවත් රුසියා නියෝජිත විටලි චූර්කින් පවසා තිබේ.

67 හැවිරිදි ඇන්ටෝනියෝ ගුටෙරස් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගත ඒජන්සි කාර්යාලයේ ප්‍රධානියා ලෙස වසර 10ක පමණ කාලයක් සේවය කර තිබේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ අවසන් යුද ගැටුම් පැවැති සමයේදී අවස්ථා කිහිපයකදීම ගුටරෙස් මෙරට සංචාරය කර ඇත. එම සංචාර වලදී මෙරට යුද්ධයෙන් අවතැන්වූ ජනතාව ඔහු ගේ අවධානයට ලක් විය.

බැන් කී මූන්ගෙන් පසුව ලබන ජනවාරියේ සිට පෘතුගාලයේ හිටපු අගමැති අන්තෝනියෝ ගුටෙරස් මීළඟ ජගත් මහ ලේකම් පදවියට පත් කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ක්ෂණික තීරණයකට හිටිගමන් එළැඹි බව ගාඩියන් පත්‍රය කියයි.

1949 ලිස්බන් නුවරදී ඉපදුණු ගුටෙරස් 1971 දී ඉංජිනේරු විද්‍යාවෙන් හා භෞතික විද්‍යාවෙන් උපාධිය දිනා ගත්තේය. ඔහු 1974 දී පෘතුගාලයේ සමාජවාදී පක්ෂයට බැඳුණේය. 50 වසරක් පුරා පෘතුගාලයේ පැවැති ඒකාධිපති පාලනය ද 1974 දී නිමවිය. ඉන්පසු ඔහු පූර්ණකාලීනව දේශපාලනයට පිවිසියේය. 1995 දී සමාජවාදී පක්ෂයේ මහ ලේකම් වූ ඔහු පෘතුගාල අගමැති ලෙස පත්විය. 2002 දක්වා ඔහු පෘතුගාලයේ අගමැති ධූරය දැරීය.

පෘතුග්‍රීසි, ඉංග්‍රීසි, ස්පාඤ්ඤ සහ ප්‍රංශ භාෂා පිළිබඳ හසල දැනුමක් ඔහු සතුවන අතර 2005 දී ඔහු එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් ධූරයට පත්විය. 67 වැනි වියේ පසුවන ගුටෙරස්ට සිය පළමු විවාහරයෙන් දරුවන් දෙදෙනකු සිටින අතර ඔහුගේ මුල් බිරිය 1998 දී මිය ගියාය. ඔහු 2001 දී සිය දෙවැනි විවාහයට එළැඹීයේය.

හර්ෂණ තුෂාර සිල්වා, තිළිණි ද සිල්වා -ලංකාදීප)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.