Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

hilari-klintonඇමරිකා එක්සත් ජනපදයේ ජනපතිවරණ සටනේ ප්‍රධානතම අපේක්ෂකයින් ලෙස හිලරි ක්ලින්ටන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් තරග කිරීමට සුදුසුකම් ලබා ඇත.

පසුගිය අඟහරුවාදා කැලිෆෝනියා ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ඡන්ද සටනේ ජය හිලරි ක්ලින්ටන් ලබාගැනීමටත් සමග ඇය සමග තරග කළ බර්නි සැන්ඩර්ස්ට එයින් ඉවත්වීමට සිදුවිය. ඒ අනුව ඇය ඇමරිකා ජනපතිවරණ ඉතිහාසයේ ප්‍රධාන අපේක්ෂිකාවක් වූ පළමු කාන්තාව බවට ඉතිහාසගත වන්නීය.

ඇය ඩිමොක්‍රොටික් පක්ෂය වෙනුවෙන් ප්‍රාන්ත 6ක පැවැති ඡන්දයෙන් කැලිෆෝනියාව ඇතුළු ප්‍රාන්ත 4ක ජය තහවුරු කරගත්තාය.

රිපබ්ලිකන් පක්ෂය වෙනුනේ ජනපති අපේක්ෂකත්වය හිමිකරගත් ඩොනල්ඩ් ට්‍රම්ප්ද ප්‍රබල තරගයක් දෙනු ඇතැයි ඇමරිකා මාධ්‍ය වාර්තා කියයි.

ඒ අනුව හිලරි හා ට්‍රම්ප් අතර ඡන්ද සටන ආරම්භවී ඇති අතර නොවැම්බර් 8 වැනිදා ඇරැඹෙන ඇමරිකා ජනපතිවරණයේදී ධවල මන්දිරයේ ඉහළම පුටුවට පත්වන්නේ කවුදැයි තීරණය වනු ඇත. එය හිලරි හෝ ට්‍රම්ප් යන දෙදෙනාගෙන් කාට හිමිවුවද ඔහු හෝ ඇය ලොව බලවත්ම රාජ්‍යයේ නායකයා ලෙස වසර 4කට කිරුළ දරනු ඇත. (ලංකාදීප)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.