තත්පර 10න් කොරෝනා ආසාදිතයන් හඳුනාගන්නා සුනඛයෝ
- 2020-09-25 14:00:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොරෝනා වයිරසය ආසාදනය වූ මිනිසුන් හඳුනාගැනීම සඳහා පුහුණු කරන ලද විශේෂ සුනඛයන් යොදාගැනීමට ෆින්ලන්තය මේ දිනවල කටයුතු කරමින් සිටී. ඒ අනුව, එරට ප්‍රධාන ගුවන්තොටුපළක් වන හෙල්සින්කි ගුවන් තොටුපළට එන ගුවන් මගීන් අතරින් ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සුනඛයන් 4දෙනෙකු එහි යොදවා තිබේ.
මෙම ක්‍රමය පහසු, විශ්වාසදායී, ලාභදායී, ඉක්මන් සහ ප්‍රතිඵලදායක බව ෆින්ලන්තයේ පර්යේෂකයෝ පවසති. තත්පර 10ක් ඇතුළත කොරෝනා වයිසරය ආසාදිතයන් සොයාගැනීමට මේ සුනඛයන් සමත්ය. ඒ අනුවථ මිනිත්තුවක් ඇතුළත එම සොයාගැනීමේ සමස්ත කාර්යය අවසන් වන බවද ඔවුහු කියා සිටිති.
කොරෝනා ආසාදනය වූ බවට රෝග ලක්ෂණ පහළවීමට දින කිහිපයකට පෙර පවා මෙම සුනඛයන් 100%ක් නිවැරදි ලෙස ඔවුන් ආසාදිතයන් බව හඳුනාගන්නා බව නිලධාරීහු පවසති. මොවුන් දියවැඩියාව සහ පිළිකා රෝගීන් හඳුනාගැනීම සඳහා ද මින් පෙරදී යොදාගෙන ඇත.
මෙම ක්‍රමවේදය යටතේ, ගුවන්තොටුපළට පැමිණෙන සංචාරක මගීන්ට සිය ගෙල පිස දැමීමට යම් රෙදි කඩක් වැනි යමක් ලබාදෙන අතර, පසුව ජෝගුවක බහාලයි. එය ඉව කිරීමට සුනඛයන් යොමුකරවනු ලැබේ. මේ සුනඛයන් උඩු බුරලීම, පහුරු ගෑම හෝ බිම දිගාවීම වැනි හැසිරීමක් පළ කළේ නම්, එම මගීන් පීසීආර් පරීක්ෂණයක් වෙත යොමු කෙරේ. එහිදී සුනඛයන් ඉවෙන් හඳුනාගත් දෙය නිවැරදි ද යන්න පරීක්ෂාවට ලක්කරයි.
ෆින්ලන්තයේ සතුන් පුහුණුකරන ආයතනයක් විසින් මේ වනවිට සුනඛයන් 16දෙනෙකු කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමට පුහුණුකර ඇති අතර, හෙල්සින්කි ගුවන්තොටුපළ සඳහා යොදවන සුනඛයන් ගණන 10 දක්වා වැඩි කිරීමට නියමිතය. ෆින්ලන්තය ආරම්භ කළ මෙම ක්‍රමයට සමාන ව්‍යාපෘති ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, ජර්මනිය සහ බ්‍රිතාන්‍යය ද ක්‍රියාත්මක කරමින් සිටී.
(ද ගාඩියන් ඇසුරිනි)
ඩිල්ෂානි චතුරිකා දාබරේ
Reply To:
Name - Reply Comment
0 Comments