Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඕස්ට්‍රේලියාවේ තස්මේනියා දූපතේ බටහිර වෙරළ තීරයට ඔබ්බෙන් නොගැඹුරු මුහුදු පෙදෙසෙහි අතරමං වී සිටින තල්මසුන් 270ක් පමණ කණ්ඩායමක් බේරාගැනීම සඳහා බලධාරීහු මේ දිනවල කටයුතු කරමින් සිටිති. දැනට තල්මසුන් 25දෙනෙකු මුදවාගෙන ඇති නමුත්, 90දෙනෙකු මිය ගොසිනි. එහි රැඳී සිටින සෙසු තල්මසුන් ද වැලිවැටියක් සහිත වෙරළෙන් මුදා ගැඹුරු මුහුද වෙත තල්ලු කිරීමට නිලධාරීහු කටයුතු කරමින් සිටිති.

මේ සඳහා දින ගණනක් ගතවිය හැකි බව පැවසේ.මොවුන් නියමු තල්මසුන් (pilot whales) ලෙස හඳුන්වනු ලැබේ. හොඳින් වැඩුණු නියමු තල්මසෙකු මීටර් 7ක් පමණ දිගින් වැඩෙන අතර, ටොන් 3ක් පමණ බරැතිය. ඔවුන් කණ්ඩායම් වශයෙන් වෙරළ තීරයට එක් රැස්වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සිය නායකයා අනුගමනය කරන තල්මසුන් මෙලෙසින්, එකම ස්ථානයකට එක් විය හැකි බව සත්ව විශේෂඥයෝ අනුමාන කරති.තල්මසුන් වෙරළ තීරය අසළ නොගැඹුරු මුහුදු පෙදෙසට පැමිණීම සාමාන්‍ය සිදුවීමක් වුවද, මෙලෙසින් විශාල කණ්ඩායම් වශයෙන් වෙරළට පැමිණ ඇත්තේ, දශකයකට පමණ පසුවය. 2009 වසරේ දී තස්මේනියාවේ වෙරළට තල්මසුන් 200ක් පමණ පැමිණ තිබේ.මෙම තල්මසුන් මුදාගැනීම සඳහා හොඳින් පුහුණු වූ නිලධාරීන් 40 දෙනෙකු යොදවා ඇත. තල්මසුන් බැලීමට එහි රැස්වන මිනිසුන් එම පෙදෙසෙන් ඉවත්කිරීමටද නිලධාරීන් කටයුතු කරමින් සිටින බව පැවසේ.

(බීබීසී ඇසුරිනි)

ඩිල්ෂානි චතුරිකා දාබරේ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.