පියාඹන මෝටර් රථයේ අත්හදාබැලීම සාර්ථකයි
- 2020-09-04 15:47:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝකයේ පියාඹන මෝටර් රථ සැකසීම පිළිබඳව පර්යේෂණ පවත්වන ව්‍යාපෘති කිහිපයක් අතරින් ජපානයේ ‘ස්කයි ඩ්‍රයිව්’ ආයතනය සාර්ථක අත්හදාබැලීමක් කර තිබේ. ඔවුන් සැකසූ පියාඹන මෝටර් රථය පොළවට ඉහළින් ධාවනය කිරීමට එහිදී හැකියාව ලැබිණි.
පොළොවේ සිට මීටරයක්-මීටර් 2ක් පමණ ඉහළින් සීමිත ප්‍රදේශයක මිනිත්තු 4ක පමණ කාලයක් මෙම පියාඹන මෝටර් රථය ධාවනය කිරීමට එය පැදවූ තැනැත්තාට හැකිවිය.
ස්කයි ඩ්‍රයිව් ආයතනයේ මෙම කටයුත්ත බාර ප්‍රධානියා වන ටොමොහිරො ෆුකුසාවා මහතා පැවසුවේ, මෙකී පියාඹන මෝටර් රථ 2023 වසර වනවිට සැබෑ ලෝකයට ගෙනඒමට හැකිවනු ඇති බවයි. නමුත් එය ආරක්ෂිතව සැකසීම තරමක් දුෂ්කර කාර්යක් බවද ඔහු කියාසිටී.
“ලෝකයේ පියාඹන මෝටර් රථ පිළිබඳව මේ වනවිට පර්යේෂණ ව්‍යාපෘති 100ක් පමණ ක්‍රියාත්මක වෙනවා. එයින් අතලොස්සක් පමණ ව්‍යාපෘතිවලදී විතරයි, මිනිසෙක් නංවාගෙන එය පොළොවෙන් ඉහළ ගමන්කිරීමට අවස්ථාව සැලසුණේ. මම හිතන්නේ බොහෝ දෙනෙකුට මේ පියාඹන මෝටර් රථ පදවන්න ආසා හිතේවි” යැයිද කීය.
මේ වනවිට ස්කයි ඩ්‍රයිව් ආයතනය සැකසූ පියාඹන මෝටර් රථය පියාසර කළ හැක්කේ, මිනිත්තු 10ක පමණ කාලයක් පමණි. නමුත් චීනය වැනි විශේෂඥයන් සිටින රටවල පිරිස එය තවදුරටත් වර්ධනය කළහොත් මිනිත්තු 30ක් පමණ කාලයක් පියාසර කළ හැකි වනු ඇති බව ටොමොහිරො මහතා පෙන්වාදෙයි.
විද්‍යුතයෙන් ක්‍රියාකරන, බාගත කළ හැකි සහ පියාසර කළ හැකි පහසුකම් සහිත මෙම මෝටර් රථ, රථවාහන තදබද සඳහා කදිම පිළියමක්ද වන්නේය. එක් එක් පුද්ගලයාට තනි වශයෙන් එය ධාවනය කළහැකි බැවින්, යානාව මෙහෙයවන්නකු වෙනුවෙන් වියදමක් දැරීමට සිදුනොවේ.
(කිඩ්ස් නිවුස් ඩොට් කොම් ඇසුරිනි)
ඩිල්ෂානි චතුරිකා දාබරේ
Reply To:
Name - Reply Comment
0 Comments