බ්‍රිතාන්‍යයේ වයස්ගතම හිම වලසා ‘වික්ටර්’ මිය යයි
- 2020-08-28 10:45:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රිතාන්‍යයේ යෝක්ෂයර් වනජීවී උද්‍යානයේ විසූ වයස්ගතම හිම වලසා, ‘වික්ටර්’ පසුගියදා මිය ගියේය.
මිය යනවිට එම සත්වයා 22 හැවිරිදි වියේ පසුවිය. වකුගඩු අකර්මන්‍ය වීමකින් අසනීප තත්වයේ පසුවූ වික්ටර්ව සත්වෝද්‍යානයේ නිලධාරීහු බලා කියාගත්හ.
ජර්මනියේ, රොක්ස්ටොන් සත්වෝද්‍යානයේදී කුඩා හිම වලස් පැටවකු ලෙසින් උපත ලැබූ වික්ටර්, පසුව නෙදර්ලන්තය වෙත මාරු කෙරිණි. විවේකීව සිටිනු පිණිස 2014දී හිම වලසා යෝක්ෂර් උද්‍යානය වෙත ගෙන යන ලදී. වික්ටර්, කුඩා හිම වලසුන් 13දෙනෙකුට පියෙක් වූයේය.
වන ජීවී නිලධාරීන් පැවසුවේ, ඔහු හිම වලසුන් නමැති සත්ව විශේෂය නියෝජනය කළ ඉස්තරම්ම වලසකු වූ බවය. උද්‍යානයේ විල්තෙරවල් අවට ගැවසෙමින් ප්‍රීතිමත්ව කාලය ගෙවූ වික්ටර් සිය පසු පරම්පරාවලට ආදර්ශයක් වූ බවද, දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කතාබස් කෙරෙන අවස්ථාවන්හිදී ලෝකයේ අවධානය දිනාගත් බවද කී ඔවුහු මේ වියපත් හිම වලසාගේ මියයාම සියල්ලන්ටම පාඩුවක් බවද කීහ.
වික්ටර් පසුගිය වසර 5ක කාලය තුළදී, පික්සෙල්, නිසාන්, නෝබී සහ රස්පුටීන් යන හිම වලසුන් සිව්දෙනා සමඟ වාසය කළේය. මේ වනවිට බ්‍රිතාන්‍යයේ වාසය කරන අවසන් හිම වලසුන් කිහිපදෙනා ඔවුහුය. බ්‍රිතාන්‍යයේ සිටි අනෙකුත් හිම වලස්සු මේ වනවිට ස්කොට්ලන්තයේ හයිලන්ඩ් උද්‍යානයේ වාසය කරති.
සත්වෝද්‍යානයට පැමිණි දිනයේ සිට අසනීප ව සිටි කාලය දක්වා, මේ වියපත් හිම වලසා රැකබලාගනිමින්, ආදරය දක්වමින් කැප වූ සියලු කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ස්තූතිවන්ත වන බව යෝක්ෂයර් සත්වෝද්‍යානය බාර නිලධාරීහු හිම වලසාගේ මියයාම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසූහ.
(ගාඩියන් ඇසුරිනි)
ඩිල්ෂානි චතුරිකා දාබරේ
Reply To:
Name - Reply Comment
0 Comments