ලොක්ඩවුන් කිරීමට එරෙහිව ඔස්ට්‍රේලියාවේ විරෝධතා
- 2021-08-23 16:42:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රට වසා තැබීමට විරෝධය දක්වමින් ඔස්ට්‍රේලියාවේ ජනතාව මහා මාර්ගවලට බැස විරෝධතා පවත්වමින් සිටියි. මෙල්බරන් හා සිඩ්නි නගරවල විරෝධතා උත්සන්න වීම හේතුවෙන් සිය ගණනක් අත්අඩංගුවට ගැනීමට ඔස්ට්‍රේලියා පොලීසිය කටයුතු කර තිබේ.
පොලීසිය හා විරෝධතා කරුවන් අතර සිදුවූ ගැටුම් හේතුවෙන් පොලිස් නිලධාරීන් 7ක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
මහජන සෞඛ්‍ය නීති බිඳ දැමීම වෙනුවෙන් මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් ඩොලර් 3900ක් බැගින් දඩ අය කර ගැනීමටද කටයුතු ර තිබේ.
ඔස්ට්‍රේලියාවේ විශාලම නගරය වන සිඩ්නි නුවර මාස දෙකකට අධික කාලයක් අඟුළු දමා ඇති අතර එහි මිලියන 5ක පමණ ජනතාවක් වාසය කරයි.
ඔස්ට්‍රේලියාව වෛරසය සාර්ථකව පාලනය කළ රටක් වුවත් මේ වන විට එරටින්ද රෝගීන් වාර්තා වීම වැඩිවී තිබේ. සෙනසුරාදා වාර්තා වූ රෝගීන් 894න් වැඩි පිරිසක් සිඩ්නි නුවරින් වාර්තා වී තිබේ.
ඔස්ට්‍රේලියාවේ ජනාකීර්ණම නගරය වන මෙල්බර්න් නුවර පැවැති විරෝධතාවට විශාල පිරිසක් එක්ව සිටි අතර මෙහිදී විරෝධතාකරුවන් හා පොලීසිය අතර දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවයි.
මේ අතර ලොක්ඩවුන් ක්‍රියාත්මක නොවන බ්‍රිස්බේන් නුවරද විශාල පිරිසක් එක්ව සාමකාමීව විරෝධතාවක් පැවැත්වීය.
ඔස්ට්‍රේලියාවේ මේ දක්වා වාර්තා වි ඇත්තකෛාවිඩ් ආසාදිතයන් 43000කට ආසන්න පිරිසක් වන අතඑ මරණ සංඛ්‍යාව 978කි.
අවුරුදු 16ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30ක පමණ පිරිසක් පූර්ණ එන්නත්කරණයට ලක්කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments