සඳගමනයේ ගගනගාමී ඇඳුම් කට්ටලය ජලය යටදී අත්හදා බලයි
- 2020-10-08 12:03:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මීළඟ සඳ ගමනය සඳහා භාවිත කිරීමට සැරසෙන නවතම ගගනගාමී ඇඳුම් කට්ටලය ජලය යටදී පරීක්ෂා කිරීමේ අවස්ථාවක් නාසා ආයතනය පසුගියදා ක්‍රියාත්මක කළේය.
ටෙක්සාස් හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය්දී මෙම පරීක්ෂණය පැවැත්විණි. එම මධ්‍යස්ථානය සඳ මත පවතින පරිසරය අනුව සකසා ඇති කොටස් කිහිපයකින් සමන්විතය.
ගුරුවාකර්ෂණය අඩු තත්වයක් යටතේ, කෘතිම තටාකයක මීටර් කිහිපයක් පහළ පතුලෙහිදී,මෙම පෙරහුරුව පැවතිණි.
සඳ ගල් අහුලාගෙන එක් ස්ථානයකින් තව ස්ථානයකට යාම, ඇමෙරිකාවේ ධජය සිටුවීම වැනි ක්‍රියාකාරකම්වල නිරතවීමට ගගනගාමීන්ට අවස්ථාව සැලසිනි.
මිනිසා පළමුවරට සඳ මතට පා තබා වසර 50කට ආසන්න කාලයක් ගත වී ඇත. මිනිසුන් සඳමතට යෑමේ කටයුත්ත සඳහා නායා ආයතනය ගෙන යන 'ආටෙමිස්' ක්‍රියාන්විතයට අනුව, 2024දී මීළඟ සඳගමනය සඳහා මෙම පරීක්ෂණ පැවැත්වේ.
"මේ පෙරහුරුවෙන් අපිට දැනගන්න පුලුවන්, අනාගත ආටෙමිස් ක්‍රියාන්විත සහ පුහුණුවීම්වලදී අවශ්‍ය කරන මෙවලම්, සංවර්ධනය කරගත යුතු දෘඩාංග, භාවිත කළ යුතු හොඳම උපාංග මොනවාද යන්න. ඒ වගේම සඳගමනයට අවශ්‍ය කරන උපකරණ යොදාගැනීමෙන් ලබන ප්‍රතිචාරය ගැනත් අපි සැලකිලිමත් වෙනවා" යැයි එම පර්යේෂණ කණ්ඩායම පවසති.
ඩිල්ෂානි චතුරිකා දාබරේ
Reply To:
Name - Reply Comment
0 Comments