සෞරග්‍රහ මණ්ඩලයේ රජුට වඩා විශාල ග්‍රහලෝකයකු සොයා ගනී
- 2022-01-20 11:30:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නාසා හි පුරවැසි විද්‍යාඥයකු වූ ටොම් ජේකොබ් මහතා අපේ සෞරග්‍රහ මණ්ඩලයේ රජුට වඩා තුන් ගුණයකින් විශාලත්වයෙන් යුත් ග්‍රහලෝකයක් ආලෝක වර්ෂ 379ක් ඈතින් සිටින බව හඳුනාගෙන ඇත.
මොහු 2010 වසරේ සිට වෘත්තීය විද්‍යාඥයින්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක නාසා දුරේක්ෂ දත්ත සහ නාසා ආයතනයේ ටෙස් චන්ද්‍රිකාවෙන් ලබා ගන්නා දත්ත අධ්‍යනය කරමින් අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බට ඇති ග්‍රහලෝක පිළිබඳ සෙවීමට උන්නදු වන ඕනෑම පුද්ගලයෙකුට සහභාගී විය හැකි පුරවැසි විද්‍යා ස්වේච්ඡා ව්‍යාපෘතියකට එක් වී ඇත.
මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වන පුද්ගලයන් හදුන්වන්නේ පුරවැසි විද්‍යාඥයන් ලෙසය. මොවුන් සාමන්‍ය පුරවැසියන් වන අතර වෘත්තීය විද්‍යාඥයින් නොවේ.
මෙම සොයා ගැනීම පිළිබඳ අදහස් දක්වමින් නාසා ආයතනය ප්‍රකාශ කලේ
අපේ සෞරග්‍රහ මණ්ඩලයේ යෝධයා වෙන බ්‍රහස්පති ග්‍රහයා හිරු වටා භ්‍රමනය වීමට වසර 12 ක කාලයක් ගත වෙනවා ඒ වගේම සෙනසුරු ග්‍රහයාට හිරු වටා භ්‍රමනය වීමට වසර 29 ක කාලයක් ගත වෙනවා එත් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ නැහැ ටීඕඅයි-180 බී වැනි විශාල ග්‍රහලෝකයක් අපේ සෞරග්‍රහ මණ්ඩලයට එපිටින් ආලෝක වර්ෂ 379 දුරින් පිහිටි මෙම ග්‍රහලෝකය බ්‍රහස්පති ග්‍රහයාට බෙහෙවින් සමාන අතර අපගේ සුර්යයාට සමාන තාරකාවක් වටා භ්‍රමනය වේ .
මේ ග්‍රහලෝකය ටී.ඕ.අයි-180 බී ලෙස නාසා ආයතනය හදුන්වනු ලැබේ. මෙම ග්‍රහලෝකයට තමන්ගේ හිරු වටා එක් වතාවක් භ්‍රමනය වීමට දින 261 ක් ගත වේ . මෙම ග්‍රහලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 76 ක් බවට හඳුනාගෙන ඇත.
(විමුක්ති එස් රුද්‍රිගු)ලංකාදීප
Reply To:
Name - Reply Comment
0 Comments